දඵවකොටුව, ගුරුවරියගේ මරණයට වගකිවයුත්තෝ පොලිසියට හසු වේ

0
125

101-new1

පසුගිය සති කීපය තුළ ආන්දෝලනයකට ලක් වූ දඵවාකොටුව ප‍්‍රදේශයේ ශී‍්‍රනී වාසනා අමරතුංග නැමැති 33 හැවිරිදි ගුරුවරියගේ මරණය සම්බන්ධයෙන් එයට වගකිව යුතු සැකකාර යුවලක් වත්තල පොලිසිය මගින් පසුගිය සැප්තැම්බර් 07 දා පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. මීගමුව කොප්පරා හංදිය , මහා වීදියේ , නිගම්බූ ප්ලාසා වෙළ`ද සංකීර්ණයේ අංක 393- ඒ , දරණ ස්ථානයේ ‘‘සරත් පෙරේරා දෘෂ්ඨි පරීක්ෂක සේවය’’ නමින් ව්‍යාපාරයක් පවත්වා ගෙන යන සරත් පෙරේරා නැමැත්තා සහ ඔහුගේ බිරිදව මෙලෙස වත්තල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.  එම දෘෂ්ඨි පරීක්ෂක සේවය පවත්වාගෙන යන කඩ කාමරයේ උඩුමහලේ සරත් පෙරේරා නැමැත්තාගේ බිරිද විසින් රූපලාවන්‍යාගාරයක් ( බියුටි සැලෝන් එකක් ) පවත්වාගෙන යයි.
මෙම ගුරුවරිය අතුරුදහන් වී වූ දින එනම් පසුගිය සැප්තැම්බර් 24 වැනි සෙනසුරාදා පෙරවරු 10.30 ත් 11.00 ත් අතර කාලයේ ඇය නිවසින් නික්ම ගොස් ඇත්තේ විදුලි බිලට මුදල් ගෙවා පැමිනෙන බව පවසමිනි. එහෙත් එදින ඇය නිවසට නොපැමිනි අතර පසුදින එනම් 25 වැනි ඉරුදින ඇයගේ මල සිරුර හමු වුයේ වත්තල ,හැ`දල හේකිත්ත ප‍්‍රදේශයේ ඇල ඉවුරක් ආසන්නයේ තිබියදීය. වාර්තාවන පරිදි නිවසින් නික්ම ඇය මීගමුව නගරයට පැමිණ කොප්පරා හංදියේ පිහිටි  මෙම රූපලාවන්‍යාගාරයට පැමිණ ඇත්තේ තම කොන්ඩය සකස් කර ගැනීමට සහ මුහුණට ෆේෂල්  එකක් කර ගැනීමටයි. ඇයගේ මුහුණට පේෂල් එක කිරීමට සුදානම්ව පුටුවේ වාඩි කර පසුව කිසියම් රාසයනික ද්‍රව්‍යයක් අල්ලා ඇයව ඝාතනය කිරීමට සලස්වා ඇති බවට පොලිසිය සැක පල කරයි. ඇය මිය ගොස් ඇති බව දැන ගැනීමෙන් පසු ඔවුන් සිදුකර ඇත්තේ  ? බෝ වු පසු කුලී පදනම මත මෝටර් රථයක් ලබා ගෙන මල සිරුර ලොකු කාඞ් බෝර්ඞ් පෙට්ටියක බහා වත්තල , හැ`දල හේකිත්ත ප‍්‍රදේශයේ ඇල ඉවුරක් අසලට දමා ගොස් තිබේ. මල සිරුර හමු වීමෙන් පසු පොලිසිය විසින් කරන ලද විමර්ෂන වලදී මල සිරුරේ වු ප්ලාස්ටික් කැබැල්ලක් මත කරන ලද පරීක්ෂනයකදී ලද  හෝඩුඩාක් අනුව මේ සැකකාර යුවල අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඇයගේ මරණය සම්බන්ධ වැදගත් තොරතුරු රැුසත් අනාවරණය කර ගත් බව පොලිස් ආරංචි මාර්ග ස`දහන් කරති. එලෙසම මිය යන විට ඇය පැළැ`ද සිටි සිය`ඵ රං ආභරණ , ජංගම දුරකථනය හා මුදලින් රු.20000 ක පමන මුදලක්ද පැහැර ගෙන ඇති බව හෙලි වී තිබේ. එම රං ආභාරන පසුව කොළඹ හා ක`දාන ප‍්‍රදේශයේ උකස් ආයතන දෙකක් වෙත උකස් කර රුපියල් 100000 ක පමන මුදලක් ලබා ගෙන ඇති අතර එම මුදල් සහ ඇයගේ ජංගම දුරකථනය මෙම සැකකාරිය සන්තකයේ තිබී සොයා ගෙන ඇත. ඉන් පසුව ඒවා පොලිස් භාරයට ගෙන තිබේ.  මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකාරිය මුලින්ම පොලිසියට පවසා ඇත්තේ මියගිය ගුරුවරියගේ මුහුණුට ආලේප කල එම ෆේෂල් අලේපනය ඇයගේ සිරුරට යම් අසාත්මිකතාවයක් ( ඇලජික් එකක් * ඇති වී තිබෙන බවකි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇයට කලාන්ත ගතියක් ඇති වී තිබේ. සවස් වන තුරුම ඇයට යලි පියවි සිහිය ලැබේවි යැයි බලාපොරොත්තුව සිටියද එදින සවස් යාමය ඉක්ම යන තෙක්ම ඇය ප‍්‍රකෘති තත්වයට පත් වී නොමැත. සිහිසන් ව සිටි ඇය පසුව මිය ගිය බවද ඉන් පසු මල සිරුර වත්තල හැ`දල ප‍්‍රදේශයට ගෙනැවිත් දමා පලා ගිය බව ද සැකකාරිය විසින් පවසා තිබේ.  එසේ වුවා නම් එහිදී ඇයව එම ස්ථානයේ සිට ඉතා ආසන්නව පිහිටි මීගමු රෝහල වෙත රැුගෙන යාමට මේ යුවල යුහුසු`ඵ වී නොමැත. ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් යම් සැකයක් මතු වන බවද පොලිසිය විසින් පවසා තිබේ. මේ වන විට වාර්තා වන පරිදි මෙම රූපලාවන්‍යාගාරය කර ගෙන යන සරත් පෙරේරා නැමැත්තාගේ බිරි`දට අමතර එම යුවලගේ දියණියන් දෙදෙනෙකුද එලෙසම තවත් ඥාතී තරුණියකද මෙහි සේවය කරයි.
කෙසේ වෙතත් සැප්තැම්බර් 08 දින දහවලදී මෙම සැකකාර යුවල සම`ග රූපලාවන්‍යාගාරය පිහිටි කඩ කාමරය වෙත පැමිණි වත්තල පොලිසියේ විමර්ෂන නිලධාරීන් පිරිසක් අදාල තොරත-ුරු ලබා ගෙන අවසානයේ මෙම රූපලාවන්‍යාගාරයටත් එලෙසම ඊට පහත මාලයේ කඩ කාමරයේ කර ගෙන යන දෘෂ්ඨි පරීක්ෂක ව්‍යාපාරයටත් සීල් තබන ලදී. පසුව එදින සවස් යාමයේ මෙම ස්ථානය අධිකරණ මහේස්ත‍්‍රාත්වරයෙකුගේ නිරීක්ෂනයටද ලක් විය. මේ පිලිබ`දව වත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙය වන බව වාර්තා වේ.
මිය ගිය ශී‍්‍රනී වාසනා අමරතුංග මහත්මිය මිය යන විට කොච්චිකඬේ , ද`ඵවාකොටුව ලොයෙලා විද්‍යාලයේ  ප‍්‍රාථමික අංශයේ ඉංගී‍්‍රසි ගුරුවරියක ලෙස සේවය කරමින් සිටියාය. ‘‘ සුපිපි ’’ නැමැති ඇගේ නව හැවිරිදි දියණියද මේ වන විට ලොයෙලා විද්‍යාලයේ 04 වන වසරේ  ඉගෙනුම ලබයි. ඇගේ සැමියා වන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපධිධාරීයෙකු වූ  විජයන්ත සිල්වා මහතා මැද පෙරදිග කටාර් රාජ්‍යයේ සේවය කරන අතර මෙම මරණය සැලවීමත් සමග ඔහු මෙරට පැමිණියේය.

තුෂාර රොහාන්