දඹුල්ල එළවළු තොගවලින් වැසී යයි. කිලෝවක් රු. 20 හෝ විකුණන්නට බෑ.

0
206

FB_IMG_1585616743397FB_IMG_1585616739171FB_IMG_1585616736289

මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කිරීමට හෝ නොහැකිව ලොරි රථ 780 ක් මග දෙපස නවතා ඇත. තක්කාලි ඇතුළු එළවළු වර්ග 8 ක මිල රු. 20 ට වැඩි නොවේ. එළවළු රුගෙන ආ අති විශාල පිරිසක් මේ වන විට දඹුල්ලේ තැන තැන සිටී. මේ අය කොරෝනා වාහකයින් බවට පත්වීම බරපතල ඛෙදවාචකයක ආරම්භයක් විය හැකිය.

බස්නාහිර, වයඹ, දකුණ හා නැගෙනහිර පළාත් හි මේ වන විට දැඩි එළවලු හිගයක් පවතී. ඊයේ කැප්පෙටිපොල හා බණ්ඩාරවෙල බෝංචි රු. 80 – 110 මිලකට විකිණී ඇත. බණ්ඩාරවෙල තොග පොලට ලොරි 1100+ ක් පැමිණ ඇත. තක්කාලි රු. 85 ක 50 – සිට 85 ට බණ්ඩාරවෙල දී විකුණා ඇත. අද දඹුල්ලේ රු. 20 ට තක්කාලි විකිණිය නොහැකිය. හගුරන්කෙත – වලපනේ – නුවරඑළිය එළවළු ද ඊයේ සවස දක්වා ම විකුණා ගැනීමේ අපහසුවක් තිබුණේ නැත. අද වන විට එළවළු සුලබ බදුල්ල, යාපනය, රත්නපුර (ඇඹිලිපිටිය), ප්‍ර දේශවලින් කෙළින්ම එළවළු අවශ්‍ය කළුතර, ගම්පහ, ගාල්ල, කොළඹ, මාතර, කුරුණෑගල, පුත්තලම ප්‍රදේශ වෙත යැවීමට යාන්ත්‍රණය සකස් නොවේ නම්, එය දැවැන්ත විනාශයකට හේතු වනු ඇත.

එක තැනක විකුණාගත නොහැකි එළවළු ය. අනෙක් තැන, කන්නට නැති මිනිසුන්ය. තවත් තැනෙක මුදලට හෝ එළවළු නැති තැන් ය. අප සියල්ල කලමනාකරණය කර ගත නොහැකි මිනිසුන් පිරිසක් බවට පත්වෙමින් ඇත.

කීර්ති තෙන්කෝන්