දයාන්ට එරෙහි මීගමුවේ විරෝධතාවයට ගිය නාගරික මන්ත්‍රිලාගෙන් දයාන් පලිගනියි ?

0
193

FG attack 15ජුනි මස 2 වනදා නගර සභා භුමියේදි මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ ට එල්ල කරන ලද මැර ප්‍රහාරයට එරෙහිව මීගමුව නගර මධ්‍යයේදි ජුනි 04 වනදා පැවැති විරෝධතාවයට සහභාගිවි සිටි ඇතැම් එජාප මන්ත්‍රිලාට පවා මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා පාට් දමන්නට පටන් ගෙන ඇතැයි වාර්ථා වේ.
දැන් ඔහු සිතන්නේ මීගමුවේ නගරාධිපති තමන් බවය.නගරාධිපති ඇන්ටනි ජයවීරද දයාන් ලංසාට එසේ සිතන්නට පමණක් නොව දැන් ක්‍රියාකරන්නටද ඉඩ දි ඔහේ බලාගෙන සිටින තත්වයකට පත්ව තිබේ.
පසුගිය කාලය තුල තමන්ගේ ඡන්මාන්තර වෛරක්කාරයා වු දායන් ලංසා සමග එක මෝටර් රථයේ නැගි ගමන් යන තත්වයක් දක්වා මිතුරන් ව සිටිති.
ඇන්ටනි ජයවිරට  දැන් දයාන් මල්ලි හොදය.ප්‍රෙඩි ගමගේ ට දයාන් මල්ලි කට්ටිය දාලා ගහල කියන කථාව බොරු යැයි ඔහු හැමතැනම කියන්නේ ඒ නිසා විය යුතුට කෙසේ වෙතත් දැන් දයාන් මල්ලි සහ ජයවීර අයියා එක්ව මල්ලිට දායන් ලංසාට කැපිල්ල දාන මන්ත්‍රිලා කපන්නට දැන් සැලැස්මක් හදාගෙන යන බව වාර්ථාවේ.