දයාන් ලංසාගේ තවත් සුපිරි වංචාවක් හෙළිවේ !යළිත් නිවස වටලමුද ?

0
260

ලංකාවේ දූෂිතම නගරාධිපති කව්දැයි විමසන්නේ නම් අංක එක නිතැතින්ම හිමිවන්නේ මිගමුවේ නගරාධිපති වෙතය. මේ දුෂිත පට්ටම ලබන්නට ඔහු කොයිතරම් නම් සුදුසු දැයි වඩාත් හොදින් වැටහුනේ පසුගිය 03 දාය.
ගෝඨා ඇතුළු රාජපක්ෂ පාලනය ට එරෙහිව මහ පාරට පැමිණ ජනයා මුලින් වටකළේ ඇමති නිමල් ලංසාගේ නිවසය.
ඉන්පසු ජනයා ගියේ මිගමුව නගරාධිපති දයාන් ලංසා‌ගේ නිවස වෙතය.
ජනතාවට බයේ මේ අයියා මලෝ  දැන් සිය නිවෙස් අතහැර ගොසින් යැයි ප්‍රදේශවාසිහු පවසා සිටිති.

නිමල් ලංසාගේ නිවස වටකළ මිගමු ජනයා ..

ඇමති ලංසාගේ තාත්තා විසින් මිගමුවට කැදවා ගෙන ආවේ යැයි ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති මිගමුවේ ඇතැම් පොලිස් ලොක්කන් මේ නිවෙස් වෙත දැන් පොලිසිය දමා රකින්නට පටන් ගෙන ඇති බවද විපක්ෂ නාගරික මන්ත්‍රිවරු මිපුරට කියා සිටියේය.

මිගමුවේ ඇතැම් පොලිස් ලොක්කන් නිදි සැප ගන්නේ ද මේ නිවෙස් වලයැයි ප්‍රසිද්ධ රහස් මේ වන විට පැතිර යන්නට පටන් ගෙන ඇත.

හෙට දින මහසභාවට අමුතුම වර්ගයේ ටෙන්ඩර් කොන්දේසියක් පැමිණණ ඇත.

පසුගිය කාලය තුල ලංසා පවුලේ පියාට ඇති තරම් ආතල් ගැනිමට මුදල් සපයා දිමට කැපවි සිටින දුෂිත අයියා මලෝ  දෙපල විසින් කුප්‍රකට බිච් පාක් ටෙන්ඩරය තාත්තට වසර 3 කට බදු දිමට කටයුතු සකසා තිබියදි ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිය මිගමුවේ නාගරික මන්ත්‍රින් පිරිසක් ඒ ටෙන්ඩරය අවලංගු කොට ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටත්ව යළි එය සිදුකරන ලෙසින් නියෝග ලබාගෙන  තිබුණි.

හෙට (07) ඉදිරිපත් වන මේ බිච් පාක් ටෙන්ඩරයට තාත්තට දිම සදහා වු විශේෂ වගන්තියක් ඇතුලත් කර ඇතැයි නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන කදිමට විග්‍රහ කර තිබේ.
දුෂිත දේශපාලකයන් පමණක් නොව මහජන දේපල කොල්ල කන්නට පිඹුරු පත් හදා දෙමින් කටයුතු කරන දුෂිත නිළධාරින්ගේ නිවෙස්ද වටකිරිමට දැන් කාලය පැමිණ තිබේ.
ජනතාව සැබැවින්ම ඉදිරියේදි එයටද පෙරමුණ ගනු ඇත
වෙරළ උද්‍යානයේ වැසිකිලි පද්ධතියෙන් මුදල් ගැනිම සහ රථ ගාලයෙන් මුදල් ගැනිම මෙම ටෙන්ඩරයට අයත්ය. එය සැබැවින්ම විශේෂ කුසලතාවයක් ඇති ඒකක නොවුනද මිගමුවේ තුන්වෙනි පංතියේ වැඩ වලට කවදත් ප්‍රසිද්ධ තුන්වෙනි පංතියේ ක‌ොමසාරිස්වරිරය තවත් වගන්තියක් ඇතුලත් කර ඇත.
ඒනම් මෙම ටෙන්ඩරයට ඉල්ලමු කළ හැක්කේ වසර 5 ක අදාල ටෙන්ඩරය හා බැදුන කටයුතු වල නියැලුනු අයෙකුට පමණක් යැයි වගන්තියක් ඇතුලත් කර තිබේ.
ඒය ඇතුලත් කර ඇත්තේම නගරාධිපති ගේ තාත්තාට ආතල් ගැනිමට කෝටි ගණන මුදල් සපයා ගැනිමට බිච් පාක් ටෙන්ඩරය කෙසේ හෝ ලබාගැනිම සදහාය.
මේ ගැන කදිම විග්‍රහයක් නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන විසින් ඉදිරිපත් කරතිබේ.
දිගින් දිගටම  සිදුකරමින් ඇති මේ වංචා දුෂණ නිසා යළිත් වරක් ජනයා මේ දුෂිත දේශපාලකයන්ගේ මෙන්ම දුෂිත නිළධාරින්ගේද යළි යළිත් නිවෙස් වටලන දිනක වැඩි ඈතක නැතැයි මිගමුව එජාප නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා මිපුරට කියා සිටියේය.
ඔහු සිය ෆේස් බුක් පිටුව ඔස්සේ ප්‍රකාශයක් කරමින් ජනතාවට ආරාධනා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here