( 8.00 am ) ගම්පහ දිස්ත්‍රික් මළල ක්‍රිඩා සංගමයේ සභාපතිධුරය සංගිත් පෙරේරා හට හිමිව තිබේ. මිට පෙර මෙම ධුරය පත්කර තිබුනේ මිගමුවේ හිටපු නගරාධිපති දයාන් ලංසාය.
ජාතික ශුරතා කිපයකටද හිමිකම් කියන සංගීත් මිගමුවේ ක්‍රිඩාව සහ විශේෂයෙන්ම ක්‍රිඩා පිට්ටනි පිළිබද ප්‍රශ්ණය ගැන නිරන්තරයෙන් කථා කළ අයෙකි.
දයාන් ලංසා පසුගිය කාලය තුල එම තනතුරට පත්ව තිබුනේ කිසිදු මළල ක්‍රිඩා අත්දැකිමක් නැතත් නිමල් ලංසාගේ දේශපාලන බලපෑමෙන් එම තනතුරට පත්ව තිබුණි.
ඊයේ ( 15) මිගමුවේ පැවැති ගම්පහ දිස්ත්‍රික් මළල ක්‍රිඩා සංගමයේ හමුවකදි සංගිත් පෙරේරාව එහි සභාපති ලෙසින් පත්කරගෙන තිබුණ අතර මෙම අවස්ථාවට ක්‍රිඩා අමාත්‍යංශයේ නිලධාරින් මෙන්ම ගම්පහ මළල ක්‍රිඩා සංගමේ නියෝජිතයන්ද එක්ව සිටියහ