මිගමුව තුල පොදු ජන පෙරමුණ ගොඩනැගිමට මුල්ව කටයුතු කල ප්රබලතම දේශපාලකයන් සියල්ල දැන් සිටින්නේ ලංසා පවුලට එරෙහිව ඉන්දික අනුරුද්ධ වටාය.
ලංසා පවුලේ දේශපානය නාය යාම ඇරඹෙන්නේද මෙවන් යථාර්ථයක් තුලමය. මේ වන විට නිමල් ලංසාට සිටින්නේ ඔහුගේ සහෝදරයා වන දයාන් ලංසා පමණය.
ඔහුගේද උද්ධච්චකම් නිසා ඔහු සමිපයේම සිටි ප්රබල ක්රියාකාරින් ලංසා පවුල හැර යන්නට පටන් ගෙන තිබේ.
විශේෂයෙන්ම දයාන් ලංසා ලගින් සිටි තරුණ නායකයා වන ගයාන් නැමැත්තා මේ වන විට ඉන්දික අනුරුද්ධ හා එක් වෙමින් ඔහු දැවැන්ත සහයක් ලබාදෙමින් සිටි.
ඔහු වටා සිටි විශාල තරුණ පිරිසක්ද මේ වන විටත් ලංසා පවුලේ දේශපාලනයෙන් ගැලවි ඉන්දිකගේ සහයට පෙළගැසෙමින් සිටිති.පසුගියදා උඩයාර්තෝප්පුවේදි ගයාන් ප්රමුඛ තරුණ කැල විසින් අති සාර්ථක රැස්විමක් ඉන්දික අනුරුද්ධ වෙනුවෙන් සංවිධානය කර තිබිමත් සමගින් දයාන් ලංසා තවත් කලබල වි ඇති බව සැලය.
මැතිවරණයට දින 8 ක් තිබියදි මේ ආකාරයේ නිමල් ලංසා සමිපයේම සිටි තරුණ කොටස් ගැලවි යමින් ඉන්දික හා එක්ව තිබිම නිමල් ලංසාගේ නියත පරාජයක පෙරනිමිති ලකුණු දැන් සිටම ලකුණු කර තැබිමකි.