දයාන් ලාන්සාව සැකකරුවෙක් ලෙස ඉදිරිපත් කරනවාද ? නැද්ද ? අධිකරණයට දැනුම් දෙන්න – නීතිඥවරුන් විමසයි

0
80

මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතාට 2016 ජුනි 02 වනදා මීගමුව නගර සභාවේදී සිදුකළ ප්‍රහාරය සම්බන්ධ නඩුව අද (20) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී  ප්‍රධාන මහේස්ත්‍රාත්
රුචිර වැලිවත්ත මහතා ඉදිරියේදී විභාගයට ගැනිණී. පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරී මහතෙකු අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ  මීගමුව නගර සභාවේ ආරක්ෂක කැමරා පද්ධතියේ දර්ශන ලබාගැනීම සඳහා  අධිකරණ නියෝගයක් අවශ්‍ය බවත් මීගමුව නි.නගරාධිපති දයාන් ලාන්සා සහ සැකකරුවන්  අතර සිදුවී අති දුරකථන සංවාද පිළිබද සිදුකරන පරීක්ෂන මේ වනතෙක් අවසන් නොමැති බවත්ය.
පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වූ  නීතිඥ දන්ත නිරංජන මහතා කරුණු දක්වමින් කියා සිටියේ සැගවී සිටින,  මෙම පහරදීමේ  ප්‍රධාන කුමන්ත්‍රණකරුව , බී වාර්තාවේ ඇති දුරකථන ඇමතුම් පදනම් කරගනිමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
‘‘අගතියටපත් පාර්ශවයේ නීතීඥයින් විදියට අපි කියන්නේ අධිකරණයට දැනුම් දෙන්න දයාන් ලංසාව සැකකරුවෙක් කරනවාද නැද්ද? දැනටමත් සාක්ෂි තියෙනවා,දුරකථන සංවාද තියෙනවා, ඒ නිසා දයාන් ලංසාව සැකකරුවෙක් ලෙස ඇතුළත්කරනවාද නැද්ද? ”
‘‘ පොලීසිය කියන්නේ සීසීටීවී දර්ශන අවශ්‍යයයි ඒ වෙනුවෙන් නියෝගයක් දෙන්න කියලා.
නමුත් අගතියටපත් පාර්ශවයේ නීතීඥ මහත්වරුන්ගේ ස්ථාවරය වූයේ සීසීටීවී දර්ශණ නොව මුල් බී වාර්ථාවේ වන 2016.06.04  බී වාර්ථාවේ  හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා හා තුෂාන් ක්‍රිස්මාල් අතර දුරකතන සංවාදයන් සදහන් වෙනවා.ඒ මාසයේ වෙන කිසිම දිනක මේ දෙදෙනා අතර දුරකථන සංවාදයක් සිදුවී නැහැ.එසේනම් මේ අනුබල දුන්න තැනැත්තාව අත්අඩංගුවට ගන්න ඇයි පොලීසිය පැකිලෙන්නේ. අපි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට පරීක්ෂන බාරදෙන්න කියලා  ඉල්ලුවේ මේ හේතුව නිසයි. නමුත් ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන අපරාධ කොට්ටාශයත් මේ අනුබල දුන්න ප්‍රධාන සැකකරුව හංගලා අනිත් පුදගලයන් දෙදෙනාව පමණක් ඉදිරිපත් කරනවා.

කරුණු සලකා බලමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශකරන්නට යෙදුනේ,ඉදිරි දිනයේදී පොලීසියේ ස්ථාවරය අනිවාර්්‍යෙයන්ම  ගරු අධිකරණයට  දැන්වීම අත්‍යඅවශ්‍ය  බවයි.  මේ අවසාන අවස්ථාව බවත් දැනුම් දුන්  ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ  ඊළඟ නඩු වාරයේදී  ඒම දුරකතන සංවාද පිලිබදව විශ්ලේෂන වාර්ථාව අධිකරණයට ඉදිරිපත් කරන්නට අවශ්‍ය බවයි.
මෙම නඩු විභාගය නැවත 2016 නොවැම්බර් 29 වනදාට කැඳවිමට නියමිතය.  පැමිණිල්ලේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ දන්ත නිරංජන සහ නීතිඥ චාමර ජයසිංහ යන මහත්වරුන් පෙනී සිටිනු ලදී.