දයාන් සමඟ ඩීල් දමා කොන්ත්‍රාත් ගත්තු එජාප මන්ත්‍රි කව්ද ?

0
82

මීගමුව මහනගර සභාවේ කොන්ත්‍රාත් ගණුදෙණු අතර මිගමුවේ ජනතාව ප්‍රධාන අවධානයක් යොමුකළ යුතුව ඇති ඉතා වැදගත් ගණුදෙනුවක් මෙවර මහසභාවට ඉදිරිපත්විමට නියමිතය.
එනම් පෙරියමුල්ල අබේසිංහපුර ලිපිනය සහිත ගැමි පුබුදුව ග්‍රාම සංවර්ධන සමිතිය නමින් කොන්ත්‍රාත් 7 ක් ලබාගෙන තිබිමය.

වාර්තා වන අන්දමට මේ සමිතිය සැබැ හිමිකරු යැයි දැනටමත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මිගමුවේ එජාප ප්‍රධානියෙකු බවය.

එහෙත් රටට පෙන්වා ඇත්තේ සිය ඥාති පුතෙකු විසින් ඒ සමිතිය කරගෙන යන බවය.

ඥාතිපුතෙකුගේ සමිතියකට වුවද නගරාධිපති දයාන් ලංසා කොන්ත්‍රාත් 7 ක් ලබාදෙන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?

නගරාධිපති දයාන් ලංසා හා මිගමුවේ එජාප නාගරික මන්ත්‍රිවරුන් අතර පවතින ඩීල් දේශපාලනයේ තරම දැන් රටටම හෙළි වි තිබේ.

මිපුර වෙබ් අඩවිය අයවැයට නගරාධිපති දයාන් ලංසාට පක්ෂව කටයුතු කළ එජාප මන්ත්‍රිලා ගැන දිගින් දිගටම හෙළිදරව් කරද්දි මිගමුව එජාප සංවිධායක, සහ පෙරියමුල්ල කොට්ටාශයේ එජාප නාගරික මන්ත්‍රි බෙන්ජමින් ලැජ්ජා නැතිව ලංකාවේ දුෂිතව නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මහජන බදු මුදලින් මිපුර වෙබ් අඩවියට එරෙහිව නඩු කියන ලෙසය.

මිගමුවට සිටින්නේ එවන් අමන ජඩ එජාප සංවිධායකයෙකු බව එජාප නායකයා දන්නවාදැයි අපි නම් නොදනිමු.
එජාප ලේකම් හට අපි විවෘතව අභියෝග කර සිටින්නේ හැකිනම් ඔබේ මිගමුව එජාප සංවිධායකගේ ප්‍රතිපත්ති ගරුක බව ගැන චරිත සහතිකයක් මිගමුවේ එජාප සාමාජිකයන් හට ලබා දෙන ලෙසය.