දරුවත් එක්ක බත් කකා හිටපු හෙදියට දඩුවම් මාරුවක්,බීලා අහුවෙච්ච ඔවසියර්ට මුකුත් නෑ

0
79

NGB hospitalමීගමුව රෝහලට අළුතින් පත්ව ආ අධ්‍යක්ෂකවරිය නිතියට ක්‍රියා කිරිම ගැන අපද මෙහි ප්‍රශංසා මුඛයෙන් සටහනක් තැබුවෙමු.
ඒ මීගමුව රෝහල පිළිවෙල තැනක් බවට පත්කරගත යුතුව ඇති නිසාය.
එහෙත් දැන් සිදුවෙමින් ඇත්තේ මීගමුව රෝහලේ අධ්‍යක්ෂකවරියගේ දැඩි නිතිය සැමට සමාන නොවිම නිසා අවුලට යමින් තිබිමයි.
පසුගිය දිනක සිය දියණියත් සමගින් රෝහල තුල සිය දිවා ආහාරය ගනිමින් සිටි හෙදියකට දඩුවමක් ලෙස ඇය සේවය කරමින් සිටි ස්ථානයෙන් වෙනත් තැනකට මාරුකර දමා තිබුණි.
මෙය දරාගත නොහැකි වු තැන ඇය විශ්‍රාම යනන්ට පවා තින්දු කළ බවට පුවතක් අප වෙත වාර්ථා වි තිබේ.
එහෙත් ගැටළුව වන්නේ ඊයේ දිනයේ හොද හැටි බීමත්ව සිය නිලකාමරයේ ස්නානය කරමින් සිට අසුව ඇති ඔවර්සියර්ට කිසිදු දඩුවමක් නොලැබ  තිබිමයි.
නිතියට කාටත් සමව ක්‍රියාත්මක කළ නොහැක්කේ නම් එය හිස්පොල්ලේ ගොස් මීගමුව රෝහලත් අධ්‍යක්ෂකවරියත් රෝගි වන්නට වැඩි කලක් යන්නේ නැත.