දරුවන්ට නායකත්වය ගැන කියා දුන්  මීගමුවේ ලෝක ළමා දින සැමරුම

0
80

 

අද දින එනම් ඔක්තෝබර් මස 01 වැනි දිනට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් අද සවස මීගමුව අලියාපොළ, උත්සව ශාලාවේදී පැවැත්විනි.
මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවරච්චි මහත්මියගේ සංකල්පනාවකට  අනුව පවත්වනු ලැබූ මෙම ළමා දින වැඩසටහන තුලින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි ළමා සමාජ 10 ක් නියෝජනය කරන 200 ක් පමන වන කුඩා දරුවන්ට මෙහිදී විශේෂ නායකත්ව පුහුණුවක් ලබා දෙන ලදී.

තරුණ සහ ළමා වැඩසටහන්  පවත්වා  විශේෂ දැනුමක් සහ අත්දැකීම් ඇති ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ සේවා නිලධාරි,  දමින්ද අධිකාරි මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවීය. හරවත් දේශනයකින් සහ ළමා ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වූ මෙම නායකත්ව පුහුණු වැඩසටහන සඳහා දරුවන් මහත් උද්යෝගයකින් යුතුව සහභාගිවන ආකාරය දැකගත හැකි විය.

පිළිගැනීමේ කතාව කළ මීගමුව, ප්‍රාදේශී ලේකම්වරිය පැවසුවේ , රජයේ කිසිදු ප්‍රතිපානයක් නොමැතිව අනුග්‍රහකයන් කීපදෙනෙකුගේ දායකත්වයෙන් මෙම වැඩසටහන  මෙලෙස පවත්වන්නට කටයුතු කළ බවයි.  අවසානයේ, මෙම පුහුණු වැඩසටහනට සඳහා සහභාගි වු  දරුවන්ට තෑගි පිරිනෑමීම ද සිදු විය.
, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් පිළිබඳ නිලධාරී තිලංක අධිකාරි මහතා විසින් මෙම විශේෂ ළමා වැඩසටහන සංවිධානය කර තිබිණි.