දරුවන් නොහඳූණන කාමාතුර සමාජයකට එරෙහිව නැඟී සිටින අම්මලා….

0
104

DSCF0210new2018 පෙබරවාරි  01 දා  මුන්නක්කරය  සිරිවර්ධන පෙදෙසේ  සය හැවිරිදි   දරුවෙකු   අපයෝජනයට  ලක්කළ  පුවත  සහ  පෙබරවාරි  14  දින  ඊට  අදාල  නඩු වාරයේදී   ප්‍රදේශයේ  කාන්තාවන්  පිරිසක්   මෙම අපරාධයට   එරෙහිව    කළ  උද්ගෝෂණය   පිළිබඳවත්  අප  මීගමු  වෙබ්  අඩවියේ  සටහන්  කළෙමු. අද(  27වනදා)  මෙම ස්ථානයේදීම   නැවත  වරක්  මෙකී  උද්ගෝෂණය  පැවැත්වින. ඔවුන්  එක හඩින්  ඉල්ලා  සිටියේ  අපරාධකරුවාට  නිසි දඩුවම්  ‍ලබාදෙන   ලෙසය.  ඔවුන්   සියළුදෙනාම   දැඩි  හැඟීමකින්   යුතුව  කතාකරයි.  වචන  සටන්පාඨ  බවට  පත්වී   ඇත.

“  ළමා  අපචාර   පිටුදකිමු!
“  කාමාතුරයාට   දඩුවම්   දෙන්න!
“  අපේ   දරුවන්   වෙනුවෙන් සාධාරණ    තීන්දුවක්!

“ ඩික්සන්ට(සීනි පුතා)  ඇප දෙන්න   එපා!.

ලේ  කිරිකර  හදාගත්  දරුවා  තම  සැමියාගේ යහළුවා   විසින්  අපයෝජනයට  ලක් කරතියි    මව කෙසේවත්  නොසිතන්නට ඇත.  ඇය  දුක  දරාගන්නේ  ඉතා අපහසුවෙනි. පියාද   බන්ධනාගාර ගතව ඇත. තම  යහළුවා  මෙසේ  කරතැයි  ඔහුද  නොසිතන්නට  ඇත. කෙසේ වුව   වරද සිදුවීඇත.  මෙය  එක් සිදුවීමකි.   මෙවැනි  සිදුවීම්  රාශියක  එක්  අවස්ථාවකි. සේයා  දැරියගේ  සිට  කුඩා  දරුවන්  ලිංගික  හිංසනයන්ට   ලක්කළ  පුවතේ   සිට  ගත්විට  මෙය  ජාතික   සහ  ජාත්‍යන්තර   ප්‍රවනතාවයකි.  මේ  සියළු  අවස්ථාවලදී    මත්පැන්  සහ  මත්ද්‍රව්‍ය ද   තිරිසන්කම  වැඩිකරන   උත්තේජක  බවට   පත්වීඇත.  සිරිවර්ධන  පෙදෙසේ  සිදුවීමටද  එය   සාධාරණය.    දූෂිත  පරිසරය  පරිසරය  විසින්   දූෂිත  මිනිසුන්   බිහිකරයි.

මෙය  විශේෂ  උද්ගෝෂණයකි.  ඇතෙකු   ඇත් පැටියෙකු   බිහි කළ විට  රැළේ  අනෙක්  ඇතින්නියන්හටද  කිරි  එරෙන  බව  අපි  අසා  ඇත්තෙමු.  මේ  උද්ගෝෂණයේදීද   දක්නට  තිබුනේ  එක්  දරුවෙකු   වෙනුවෙන්  මුළු  හදවතින්ම  හඩා වැලපෙන   මව්වරු  පිරිසකි.  මුලින්ම  අපට  අදහස්  දැක්වූයේ   අසල්වැසි  කාන්තාවකි.

මේ  අපේ  දෙවෙනි  උද්ගෝෂණයයි. දඩුවම් දෙනතුරු  අපි  මේ  විරෝධතාවය  ගෙනියනවා.  එයාට  උපරිම  දඩුවම්  දෙන්න  ඕනෙ.කාමාතුරයන්ට  දරුවන් බිළිදෙන්න  අපි සූදානම්  නෑ.  මේ  අපේ  පළවෙනි  එක  වගේම  අවසාන එකත් විය යුතුයි.

මේ  දරුවා   තමන්ට  වු   දේවල්  අම්මා  සමග  පවසාඇත්තේ   සියල්ල  සිදුවු  පසුවය.  දරුවා  කම්පනයට  පත්වී  සිටිබව  මින්  පැහැදිළි වේ.  අම්මා   මේ ගැන  වචන   පිටකළේ  ඉතා  අමාරුවෙනි.

”රෑ  7ට 7.30  ට  වගේ  දරුව  අරන්ගියා  බයිසිකලේ දාගෙන  වටයක් යං කියල  මමඑපාකියද්දි . මමපස්සෙන්  ගියා. මමයනකොට  දොර  වහල  තිබුන.  ලයිට්  නිවල  තිබුනෙ.  පස්සෙ මම බැන බැන  ඉන්නකොට  දරුව  ගෙනත් දුන්න ඉදා උඹේ ළමය කියල.  දරුව  මගෙ අතේ නිදියගත්ත.  රෑ  10.30ට  විතර  තමයි  කසනව  කියල කියනකොට  මම බැලුවෙ.  ඊට පස්සෙ  තමයි  මමදැක්කෙ  දරුවට  වෙලා  තියෙන  දේ.”

අපි  සියල්ලෝම    දරුවන්ගේ  ප්‍රශ්ණ  වෙනුවෙන්   ජීවිත  කැපකරන්නෝ  වෙමු. දසමසක්  කුස  දරා  ලොව  දරුණුම  වේදනාව  විඳදරා  ගනිමින්   තම  දරුවා   බිහි  කරන  අම්මාවරුන් ,  ඒ  හා  සමානව  වෙහෙසෙන  පියවරුන්  අතර  ඩික්සන්ලා  ද  සිටින  බව  අමතක  කළයුතු නැත.  එවැනි  අයට  එ‍රෙහිව   මෙසේ  පිකට්   බෝඩ්   අතට  ගත්   අම්මාවරු   මුළුමහත්    සමාජයටම  ආදර්ශයකි.  ආඩම්බරයකි.

සැම්සන් ඥානසිරි