දරුවන් 11 දෙනෙකු පැහැර ගත් නාවික හමුදාවේ චූදිතයෝ තවමත් නිදැල්ලේ.

0
261

නාවික හමුදාවේ කණ්ඩායමක් විසින් 2008 සැප්තැම්බර් 18, කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලදී පුද්ගලයින් 11දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන්කර වසර 15ක් ගතවී ඇත. මේ පැහැරහැනීම සම්බන්ධයෙන් වන නඩුව තවමත් ක්‍රියාත්මක වේ. 14දෙනෙකුට චෝදනා ගොනුකර ඇති අතර හිටපු නාවික හමුදාපති එහි 14වන චූදිතයා වේ. වසර 15ක් ගතව ඇතත් මේ අපරාධය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නැති අතර අපරාධකරුවන් තවමත් නිදැල්ලේ, රජයේ ඉහළ තනතුරුවල කටයුතු කරමින් සිටී.

මීට එරෙහිව එම පවුල්වල දෙමාපියන් ඇතුළු අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව 2023.09.21 දින උදේ 9.30ට කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවක් සිදු කරන අතර එක්සත් ජාතීන්ටත්, විදේශ තානාපති කාර්යාල වෙතත් පෙත්සමක් භාරදීම සිදුකරයි.

අතුරුදහන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීමට පෙළගැසෙමු!

අතුරුදහන්කරවීම මනුෂ්‍යත්වයට එරෙහි බරපතල අපරාධයකි. එම අපරාධය නැවත සිදු කිරීමට ඉඩ නොදෙමු!

wp 1695256642729

navycase #navyabduction #civil #disappreance #fod #familiesofthedisappeared

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here