දරුවෙකු ප්‍රසුත කළ මවක් ඩෙංගු නිසා මිය ගියේ රෝහලේ වරදින්ද ?

0
41
ඩෙංගු රෝගය වැළදි ගිය මව

සිය දෙවන දරුවා බිහිකිරිම සදහා දින 11 ක් තිස්සේ මීගමුව රෝහලේ  නේවාසිකව සිටි ඇයට දරුවා බිහිකොට දින 2 කින් ජිවිතයෙන් සමුගන්නට සිදුව තිබුන පුවත මුළු රෝහල මෙන්ම මීගමුවම කම්පාවට පත්කර තිබේ.1
ඇය මීගමුව රෝහලට ඇතුලත් කොට තිබුනේ ජුලි මස 14 වනදාය.
දරු ප්‍රසුතිය සදහා දින දි තිබුනේ අගොස්තු 05 වෙනිදාටය.
රෝහලට ඇතුලත් කරන ලද අවස්ථාවේදි ගනු ලැබු වෛද්‍ය රසායාගාර පරික්ෂණ වාර්ථාවල වෙනත් කිසිදු රෝගි තත්වයක් පෙන්නුම් නොකළ බව කියන මිය තැනැත්තියගේ ස්වාමිපුරුෂයා කියා සිටින්නේ රෝහලට ඇතුලත්කොට  දින 4 කට පසු ඇය ඩෙංගු රෝගයට ගොදුරුව ඇති බවට වෛද්‍යවරුන් පැවසු බවය.
ඉන් අනතුරුව ඇයව මීගමුව රෝහලේ ඩෙංගු විශේෂ ඒකකයට ඇතුලත් කර තිබුණි.
එහිදි ඇගේ සෞඛ්‍ය තත්වය ගැන සෑහිමකට පත්ව සිටි වෛද්‍යවරුන්  සිසේරියන් සැත්කමකට භාජනය කරමින් ඇගේ දෙවන දරුවාට  මෙලොව එළිය දකින්නට ඉඩ සලසා දි තිබුණි.
ඒ පසුගිය ජුලි  22 වනදාය.
ඉන් අනතුරුව ඇගේ තත්වය දරුණු අතට යමින් ඇය ඩෙංගු රක්තපාත තත්වය ට ගොදුරුවි ජුලි 24 වනදා උදේ වරුවේ ජිවිතයෙන් සමුගෙන තිබුණි.
ඇගේ දිවි බේරාගැනිම සදහා වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දරා තිබුණි.
සිදුවිම් පෙළ ගැසි තිබුණ අකාරය අනුව මිය ගිය තැනැත්තියගේ ස්වාමියා කියා සිටින්නේ ඇය ඩෙංගු රෝගයට ගොදුරුව තිබුනේ රෝහලේදි බවය.
ඩෙංගු රෝගින් 700 කට ආසන්න ගණනක් නේවාසිකව ප්‍රතිකාර ලබන පසුබිමකදි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අනිකුත් රෝගින්ටද ඩෙංගු වැළදිමට ඇති ඉඩ වැඩිය.
ඩෙංගු වැළදුන රෝගියෙකුට විදින මදුරුවෙකු විදිම මගින් මෙහි සිටින අනික් රෝගින්ද ඩෙංගු රෝගයට ගොදුරුවිමට වැඩි ඉඩක් පවති.
එහෙත් ඇතැම් මාධ්‍ය මේ තත්වය හුවා දක්වන්නට උත්සාහ දරන්නේ  රෝහල මදුරුවන් බෝකරන තැනක් බවත්  ඒ නිසා නේවාසික රෝගින් ඩෙංගු රෝගයට ගොදුරු වන කියා සිටින්නටය
කෙසේ වෙතත් මීගමුෙව් පිටිනපන පදිංචි දෙදරු මවක වු 29 වියැති චමොදිනි කුමාරි ඉතාමත් අවසනාවන්ත ලෙස ජිවිතයෙන් සමුගන්නට සිදුව තිබේ
දැන් අප හමුවේ ඇති වගකිම වන්නේ එකිනෙකා වෙතට ඇගිලි දිග්කරගැනිම පසෙක තබා අප හමුවේ ඇති ඇත්ත භායනක තත්වයට මුහුණ දෙන්නට ත් එය සාමුහිකව කළමණාකරගන්නටත් මුලිකත්වය ගැනිමය.
අධිවසංගත තත්වයකට පත්ව ඇති මීගමුව තුල විශාල ඩෙංගු රෝගින් ගණනක් මිගමුව රෝහල කරා ඇදි එති. ඒ ගණන දැන් පසුගිය කාලයටත් වඩා වැඩිබවද රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
ඩෙංගු වැළදුන අය මදුරුවන්ට වෙතට නිරාවරණය කර තැබිම යනු තවත් අය ආමාරුවේ දැමිමක් බය සරල සත්‍යයකි.
එහෙත් මිගමුව රෝහලේ අද පවතින යථාර්ථය හමුවේ එක ඇදක දෙදෙනෙකු බැගින් සිටියදි මදුරු දැල් ආවරණ දමා මේ රෝගින්ව මදුරුවන්ට විදින්නට ඉඩ කඩ වලකා ලිය හැක්කේ කෙසේද  යන්න බරපතල ගැටළුවකි.
එපමණක් නොව ඩෙංගු රෝගය වැළදුන රෝගින්ට ප්‍රමාණවත් ඇදන් නොමැති තත්වයක් තුල බිම පවා නිදා ගන්නා තත්වයක් මතුව තිබේ.
මේවන් යථාර්ථයක් හමුවේ රෝහල තුල ඩෙංගු පැතිරිම වලකාලිමට ගතහැකි සාමුහික පියවරයන් ගැන වහා මැදිහත්විමේ බරපතල අවශ්‍යතාවක් දැන් මතුව තිබේ.

Save

Save