


ලංකාවේ ‘පාස්කු’ පුරාණයේ ප්‍රධාන ග්‍රාම නාමය වන්නේ මීගමුfවේ දූව ග්‍රාමයයි. ‘දූවේ පාස්කු’ පසු කලෙක ක්‍රිස්තු ප්‍රතිමාවට පොලිසිය යන දුක්ප්‍රාප්තිය ප්‍රසංගයක් බවට පත්ව යන්තම් සමනය විය.
දැන් ඒ දූව පාස්කු ග්‍රාමයේ රග දැක්වෙන්නේ ප්‍රතිමාවක් සහිත දුක්ප්‍රාප්තියක් නොවේ. ජීවමාන ක්‍රිස්තු ශරීරය වන දුප්පත් පවුලක සජීවි දුක්ප්රාප්තියකි.
කතාව කෙටියෙන් මෙසෙයේ
වෙරළ ඝාදනය නිසා අවධානමට ලක්ව කඩා වැටීමට ආසන්න වූ නිවසක පදිංචි දරුවන් 4 දෙනෙකුගෙන් යුතු පවුලක් නිලධාරින්ගේ උපදෙස් අනුව එතැනින් ඉවත් වේ. ඔවුන් පසුව ටකරන් වහලක් සහිත ගෙයක් කිව නොහැකි පැලක් අටවා ගන්නේ රජයේ ඉඩම් කැබැල්ලක තාවකාලිකව.




ඒ ඉඩම් කෑල්ලේ ඉදිවූ නිවසක කඩා බිඳ දැමිය යුතු යැයි කියන්නේ ගමේම ධීවර සමිතියකිනි. නීතියට අනුව එසේ කඩා බිඳ දැමීමට ප්‍රතිපාදන ඇති බව නිලධාරින්ද තීරණය කර ඇත.
නීතියට වඩා ප්‍රේමය උතුම් බවත්, නීතිය ඇත්තේ ජීවිතය ජීවත් කිරිමට මිස නැති කිරිමට නොවන මිස සබත් නීතිය ගැන ජේසු තුමා කී කතාව සතවර්ෂ ගණනක් කියවා පහදා ගෙන ඇති දූවේ ග්‍රාමයේ මිනිස්සු ඉදිරියේ මේ පැල්පත කඩා දැමේ.



ගේ කඩා දැමීමේ සූදානම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සමාජ ගත විය. එහෙත් මේ සජිවි දුක්ප්‍රාප්ති කතාවේ ජුදාස්ලාට මේ පවුල කුරුසපත් කිරීම ඇවැසි බැවින් ඔවුහූ පාවා දීම පොදු ධීවර සුබ සාදන නාමයෙන් සිදු කර ඇත. එය ජාතියේ ගැලවුම පිණිස එක් අයෙකු කුරුස පත් කිරීමේ පරිසි තර්කයේ වර්තමාන පිටපත වී ඇත. ඔවුන්ට ලැබෙන්නේ රිදි තිහක්ද තවම අනාවරණය වී නැත.
ජුදාස්ලා එසේ වෙද්දී මේ නූතන කතාවේ මීගමුව නියෝජනය කරන පිලාත්ලා හෙරොද්ලා අත සෝදාගෙනය. පරිසි නිලධාරින් නීතියේ අවිය ලෙලවා ටකරන් මඩුවක් වැන් පැල්පතක් කඩා දැමීමට බැකෝ යන්ත්‍ර ගෙන ඒමට තරම නීතිගරුක වී ඇත. කෙසේ වෙතත් අවසානයේ එක පිරිමියෙකු තම අතින්ම මේ මහ නිවස දෙනෝ දහක් බලා සිටියදී කඩා දමන්නේ දිළිඳු පවුලේ වත්කමම පෝරබෑග් කීපයකට ගොනු කරන අතරය.
මේ නූතන දුක්ප්රාප්තියේදී නූතන පූජකයින් දූවේ කතෝලික කම මුහුදට විසි කර දමමින් ඇස් වසා සිටිති. දරුවන් 4 දෙනා සමඟ පවුපිය යුවලක් ටෙන්ට් එකකට කූඩු කර තිබෙන ලංකාවේ ජනප්‍රියම කතෝලික ග්‍රාමය ගැන දෙවියන් කුමක් සිතනු ඇත්ද ?
කැතයි ! ලැජ්ජයි !! දුක්කිතයි !!!
http://www.jesustoday.lk