දවසට එක වැඩක් කියා මහජනයා රවටන ලංසාලාගේ ඇත්ත මගඩි මෙන්න !

0
80

ටෙනිස් 2(12.20 am ) මීගමුව ජනයාගේ  බදු මුදලින්   2007දී  වසරේදී  කඩොල්කැලේ  මීගමු  මහ  නගර සභාව
විසින්  ගොඩනැගිල්ලක්  තනවනලද්දේ   ජෙයරාජ්   ප්‍රනාන්දුපුල්ලේ  මහතා
සිහිකරවීම  ප්‍රධාන  කොට  ගෙනය.
ඒ වෙනුවෙන් රු කෝටි  6ක්  පමණ  මුදලක් වැය  කරමින්  සාදන  ලද
මෙම  ගොඩනැගිල්ල  නම්කළේ  ජෙයරාජ්  ප්‍රනාන්දු පුල්ලේ   ගෘහස්ත
ක්‍රීඩාංගනය  යනුවෙනි.
පළාත් පාලන  නීතියට  අනුව  මෙවැනි  ගොඩනැගිල්ලක්
සාදා  අවසන්  වූ  පසු  මීගමු  නගරසභාවේ   නාගරික  කොමසාරිස්  වෙත  හෝ
නාගරික  ඉංජිනේරු  තැන  වෙත  යතුරු  ආදිය  සමග  සියල්ල  භාරදීම  සිදුවිය
යුතුය. එහෙත් අදටත් එය එසේ සිදුව නැත. .
අදටත් මෙය පාලනය කරනනේ ලංසා පවුලට සම්බන්ධ ගෝලබාලයන් පිරිසක් විසිනි.
මෙම ස්ථානයෙන් විශාල ලාභයක් මේ ගෝලබාලයන් පිරිස විසින් උපයමින් තිබේ. එය වසරකට ලක්ෂ 36 ක් ඉක්මවන බව වාර්ථා වේ .
.මෙහි  ව්‍යායාම  කරන   ස්ථානයක්,බැඩ්මින්ටන්  අංගනයක්  යනාදී  වශයෙන්  ක්‍රීඩා  කිරීමට  පහසුකම්  සකසා
ඇත.  මේසදහා  උපකරණ   ලබාදී  ඇත්තේද  පළාත්  සභාවෙන්  නොමිලේ  ලබාදුන්
අරමුදල් වලිනි .
මෙයට අමතර සමාජ ශාලාවක්ද මේ තුල ක්‍රියාත්මකය. එහි විවිධ මත්පැන්ද  අලෙවි  වේ.
නගරසභාවේ ලංසලාගේ ගෝල නිලධාරියෙකුගේ  සහභාගීත්වයෙන්  මේ  සියල්ල  සම්බන්ධීකරණය   වන  නමුත්
නගරසභාවට  මින්  කිසිදු  ආදායමක්  ලැබෙන  බවක්  දක්නට  නැත.  මේ තත්වය
මත  මෙය   නගරසභාවට  පවරාගැනීමට  යෝජනා  වුවද  ඒ  කිසිවක්   ක්‍රියාත්මක
වන්නේ  නැත.
ලංසා පවුලේ පදයට නටන නාගරික කොමසාරිස්තුමිය මේ අසාධාරණ ගැන මීක් කියන්නේ නැත.
දවසට එක වැඩක් යැයි ලෝකටෙ බෙර ගසා බදුගෙවන ජනයාද රවටමින් මාධ්‍ය සංදර්ශණ පවත්වන වත්මන් නගරාධිපති දයාන් ලංසා මිගමුවේ ජනයාගේ බදුමුදලින් ඉදිකර රාජ්‍ය මුදල්  යොදා ක්‍රිඩා භාණ්ඩ ලබාදුන් තැනක ප්‍රතිලාභ මිගමුවේ බදුගෙවන ජනයාට හෝ මහනගර සභාවට ලබාගැනිමට ඉඩනොදි තමන්ගේ ගෝලබාලයන්ට හම්බකරන් කෑමට ඉඩ දි තිබේ.
මෙයට එයට කදිම එක් නිදසුනකි.
මුහුණු පොතේ වත්මන් නගාධිපතිගේ ශෝභන වැඩවලට කමෝන් සර් කියන බයියන් ලංසාලාගේ සෑබෑ මගඩි දන්නේ නැත.
.(දැනගන්නට ඒවා හෙළිකරන්නේද දැන් අප පමණි.මීගමුවේ බහුතරයක් වන බෝතල්පත්තරකාරයන්ට ඒ වා ගැන නිනව් නැත.)
දයාන් ලංසා කොයිතරම් වංකදැයි පෙනියන්නේ අනවසර යැයි කියා ග්‍රින් පාක් හි රාජාගේ කඩල කඩද්දි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ක්‍රිඩාංගනය හරහා ජයනාත් ඇතුළු ගෝලබාලයන් පිරිසකට හම්බ කරගැනිමට ඉඩ දි තිබිම නිවරදි වන්නේ කොයි නිතියටදැයි ෆෝටෝ ගසා ප්‍රසිද්ධියේ දයාන් ලංසාගේ මුහුණු පොතේ දායන්න යැයි අප ප්‍රසිද්ධියේ අභියෝග කර සිටිමු.