දවස් 2ක් ලෙල්ලම වහන්න කියන පොලිසිය මිනිස්සුන්ට කන්න දෙනවද?

0
280
දූව ලෙල්ලම
දූව ලෙල්ලම

රට සාමාන්‍ය අතට හැරෙමින් ඇතැයි කියන පාලකයෝ තැන තැන කමකට නැති මෝඩ තීන්දු ගැනිම නිසාවෙන් පිඩාවට පත්වන ජනයාට සාධාරණයක් ඉටුකරන්නේ කව්ද යන ප්‍රශ්ණය මතුවේ.ධීවරයන් හෝ ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් කටයුතු වල නියැලෙන්නෝ මාස් පඩිකාරයෝ නොවෙති.ඒ අය දිනපතා සිය ආදායම උපදවා ගන්නෝ වෙති.
බෝට්ටුවලින් තෙප්පම් වලින් මුහුදු යන සුලුපන්න ධීවරයා සිය අදායම දිනපතා සරිකරගනි.ඒ මසුන් රැගෙන ලෙල්ලමේ විකුණන වෙළෙන්දා මෙන්ම පාපැදියෙන් කිලෝ මිටර ගණන් පැද යමින් මසුන් අලෙවි කරන්නාද ලබන්නෙ දිනපතා ආදායමකි.රජයේ කිසියම් හෝ නියෝජිතයෙක් අසමාන මෙන්ම සාධාරණ නොවන නියෝගයක් නිකුත් කිරිම හේතුවෙන් යමෙක් පිඩාවට පත්වන්නේ නම් එයට පැහැදිලිව වගකිවයුත්තේ රජයයි.

කොළඹට එක නීතියක් මීගමුවට තව නීතියක්?

කොළඹ මාළු වෙළද සංකීර්ණයට අද මසුන් අලෙවි කිරිමට ඉඩ ලැබෙද්දි දුන්ගාල්පිටියේ පොලිසියේ නිලධාරින්ගේ නියෝගයෙන් මීගමුවේ ප්‍රධාන ලෙල්ලම් වසා දැමිමට අදත් හෙටත් සිදුව තිබේ.මේනිසා ඊයේ දිනයේ අයිස් දමා කල්තබාගත් මසුන් අද මීගමුවේදි විකුණා ගන්නට ධිවර ව්‍යාපාරිකයන්ට නොහැකිවිය.
වෙසක් පෝය හෝ පොසොන් යැයි කියා හෝ පෝය දිනයන්හිදි මීගමුවේ ලෙල්ලම් කිසිදවසක වසා තිබුනේ නැත.

මිගමුව පොලිසියට එක නීතියක් දුන්ගාල්පිටියට තව එකක්..?

කුඩා ධිවර බෝට්ටුද සිය රැකියාවට ගොස් තිබුණි

දුන්ගාල්පිටිය පොලිසිය මංකුලිය පිටිපන වීදියේ ලෙල්ලම් වසාදමන ලෙස නියෝග දෙද්දි මීගමුව පොලිසිය කුට්ටිදුවේ ⁣මාළු වෙළදපොල වසා දමන්නේ නැත.මෙහි ඇති තර්කය කුමක්ද? පොලිසි තුනකට වෙන වෙන නීති එක රටක තිබිය හැකිද ?

මෙය තවදුරටත් සමච්චලයට ලක්කරමින් පළව තිබුන සමාජ මාධ්‍ය පොස්ටුවක අද තිබුනේ තොන්ඩාට පිටිපන මාළු ලෙල්ලමේ මාලු ලෑල්ලක් තිබුනේ නම් අද පිටිපන ලෙල්ලම වසා නොදමන බවය.ධීවර ක්ෂේත්‍රයේ සමාජිකයන් එසේ සිය විරෝධය මුහුණු පොතට මුදාහැර තිබුණි.

මේ ආකාරයෙන් ක්‍රියාත්මක අසමාන නියෝග ගැන රජය ඇත්තෙන් කියා සිටින්නේ කුමක්ද?