දළුපත නිවාස 20 න් මතුවන ලිං ප්‍රශ්ණය සහ ලිංමැඩි උත්තරය.

0
327

IMG-20200204-WA0030

මීගමුව , දළුපත මැතිවරණ නිවාස නමින් හඳුන්වනු ලබන කොටසේ ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරාලීමට නිවාස සංවර්ධන අධිකාරිය විසින් දෙපස සිටින පිරිස මුල්කර ගනිමින් ලිං දෙකක් සකස් කරන ලදී .
මෙම ලිං දෙකෙන් එකක් පමණක් යම් ප්‍රමාණයකට ප්‍රයෝජනයට ගන්නා අතර අනෙක් ලිඳ කිසිවෙකු ප්‍රයෝජනයට නොගන්නවාක් මෙන්ම එය මදුරු වාසස්ථානයක් බවටද පත්වී ඇත . මේ තත්වය මත මෙම නිවාස 20න් පවුල් 19 ක්ම මේ ලිඳ වසා දැමිය යුතු බවට කරුණු කියති . මේ තත්වය පදනම් කර ගනිමින් වරක් නිමල් ලංසාගේ මැදිහත් වීමෙන් මෙය වසාදැමීමට උත්සාහ කර ඇත . නමුත් එය සිදුනොවූ අතර මෙම නිවාස 20 සිටින එක් අයෙකු ප්‍රකාශ කරන්නේ ලිඳ ප්‍රයෝජනයට ගතයුතු බවයි . මේ අනුව මේ ලිඳ දේශපාලන බලපොරයටද ලක්වී ඇති බව පෙනේ.
මෑතකදී යම් පාර්ශ්වයක් මැදිහත් වී ලිඳ පිලිසකර කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව යම් ප්‍රමාණයක් සකස්කර ඇති මුත් ඉන් පසුව කිසිවක් සිදුකර නැත . ඒ අනුව නැවත වරක් මෙම ජලය අපිරිසිදු වී දුඟද හමයි.
අනෙක් ලිඳ වුවද ප්‍රයෝජනයට ගන්නේ පවුල් දෙකක් පමණි . එයද නිසි නඩත්තුවක් නැති නිසා ජලය කොල පැහැ ගැන්වී ඇත . ඒ පිලිබඳව යම් නඩත්තුවක් අවශ්‍ය බව මේ ලිඳ භාවිතා කරන පවුල් දෙකේ අය පවසති .
කෙසේ නමුත් පොදු ජනතාව වෙනුවෙන් සකසා ඇති ප්‍රශ්ණයට තුඩුදී ඇති ලිඳ අද ඔවුන්ට හිසරදයක් වී ඇත . මේ නිසා අපි මෙහි ආසන්නතම වගකිවයුත්තා වන නිවාස සංවර්ධන අධිකාරියේ බලධාරීන්ටත් , අනෙකුත් අදාල බලධාරීන්ටත් අවධාරණය කරන්නේ වහාම මැදිහත් වී මෙම ප්‍රශ්ණය විසඳන ලෙසය .