දළුපත ප්‍රජාපොලිස් ඒකකයේ නව වසරේ පළමු රැස්වීම

0
335
IMG 20220123 WA0030
IMG 20220123 WA0023 1

( 2022 ජනවාරි 22 ) දළුපත ප්‍රජාපොලිස් ඒකකයේ පළමු රැස්වීම දේවස්ථානයේ දහම්පාසල් ගොඩනැගිල්ලේදී පවත්වන ලදී .
සුපුරුදු ලෙස සභාපති මාකස් කාරියකරවන මහතා රැස්වීමේ කටයුතු මෙහෙයවන ලදී .

දේවස්ථානයේ පාලක පියතුමා වන සරත් අබේසිංහ පියතුමා , මෙතෝදිස්ත දේවස්ථානයේ චමීර සිල්වා පියතුමා , ග්‍රාමනිලධාරිනී දිලිනි මහත්මිය සහ කට්ටුව ප්‍රජාපොලිස් ඒකකයේ සභාපති රාජ් මහතා මෙම රැස්වීම සඳහා සහභාගි විය. රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා වූයේ මීගමුව පොලීසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂකතුමා වන රසික වත්තේගම මහතාය.
මහජනතාව සහ පොලීසිය අතර අද පවතින්නේ දුරස් බවක් බවත්, දෙපාර්ශවය අතර විවිධ හේතූන් මත විශ්වාසය පළුදුවීමට අදාල සිදුවීම් සිදුව ඇති බවත් , මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක මහතා තම අදහස් දැක්වීම ආරම්භ කරමින් පැවසීය .
කෙසේ නමුත් මේ සඳහා දෙපාර්ශවය අතර විශ්වාසය ගොඩනැගෙන ආකාරයෙන් ඒ පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත් කම පැහැදිළි කළ ඒ මහතා මෙම කමිටු ඒ සඳහා පිටුවහළක් කරගත යුතු බවත් පැවසීය .

IMG 20220123 WA0027
IMG 20220123 WA0026


සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here