දළුපත ප්‍රජාපොලිස් ඒකකයෙන් ඇස් කන්නාඩි බෙදාදීමක්

0
357

ප්‍රජා පොල7

දළුපත ප්‍රජාපොලිස් ඒකකයෙන් ඊයේ  ( 23 ) ඇස් කන්නාඩි බෙදාදීමක් සහ දියවැඩියා රෝගය පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකරන ලදී. මෙම දියවැඩියා රෝගය පිළිබඳව දැනුවත් කිරීම , මීගමුව රෝ හලේ වෛද්‍ය ලොරීටා වර්ණකුලසූරිය මහත්මිය විසින් සිදුකරන ලද අතර ඇස් පරීක්ෂාව සඳහා සිංහ සමාජයෙන් වෛද්‍යවරු කිහිප දෙනෙක්ම පැමිණ සිටිනු ලදී.
මෙම අවස්ථාවට  දළුපත දේවස්ථානයේ පාලක පියතුමා , අල්අම්මාන් මුස්ලිම් පල්ලියේ යූෂුප් මව්ලවි තුමා,දළුපත කතරගම දේවාලයේ රවින්ද්‍ර කුරුක්කල් තුමා යන පූජක තුමන්ලාද සුපර්සෝනික් අධිපති අනුර මහතා සහ එම මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන් විශාල ප්‍රමාණයක්  සහභාගී විය. එමෙන්ම සිංහ සමජයේ සුරේෂ් කුරුකුලසුරිය මහතා ඇතුළු තවත් නිලධාරී මහතුන් කිහිප දනෙක්ම සහභාගී වී සිටියහ.  මීගමුව නගර සභා මන්ත්‍රිනි කාංචනා මහත්මිය , කාවින්ද ජයවර්ධන මහතාගේ බිරිඳ වන නතාෂා ජයවර්ධන මහත්මියද ආරාධිතයින් ලෙස සහභාගිවිය. මීගමුව පොලීසියේ පොලිස් පරීක්ෂක මධුසංක ඩයස් , වීරසිංහ, තුෂාර යන මහත්වරුද මේ සඳහා සහභාගී විය.ප්‍රජා පොලිස් 1 ප්‍රජා පොලිස3 ප්‍රජා පොලිස4 ප්‍රජා පොලිස4.jpeg5 ප්‍රජා පොලිස7jpeg ප්‍රජා පොලිස46jpeg
මෙදින ඇස් කන්නාඩි 200 ක් බෙදා දුන් නමුත් විශාල පිරිසක් පැමිණි බැවින් එසේ ලබා ගැනීමට නොහැකිවූ අයට තමන්ගේ නම සටහන් කිරිමෙන් අදාල අැස් කන්නාඩි පසුව ලබාදිය හැකි බව විනෝද් මහතා පැමිණ සිටි අයට පැහැදිළි කරන ලදී . කෙසේ නමුත් මෙම ප්‍රජා මූලික කටයුත්ත වටිනා එකක් බව පෙනිණි.
මෙම ඇස් කන්නාඩි බෙදාදීම සිංහ සමාජය මැදිහත් වීමෙන් සිදුකළ අතර එහි සම්බන්ධීකරණ කටයුතු කළේ සිංහ සමාජයේ වගකිවයුතු නිලධාරි මහතෙකු වූ විනෝද් කුමාර් මහතාය.