වැසිකලට කුඩා වැස්සකට වුව උතුරා යෑමෙන් පිටාර ගලමින් ඇල දිගට ජීවත්වන පවුල් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත්කරයි. ඇල දිගට සමහර ස්ථාන ඉතා පටුවී ජලය ගලා යෑමට නිසි ඉඩක් නොමැති තත්වයකි.
සමහර තැන්වල කැලෑ ගතවී ඇත. එක ස්ථානයක පවුල් කීපයක විදුලිය ලබාදීම සදහා විදුලි කණුවක් සිටුවා ඇත්තේ ඇල මැද්දෙහිය. එය මීගමුව විදුලි බල මණ්ඩලය විසින් කර ඇත්තේ කුමන පදනමක් යටතේ දැයි අපි නොදනිමු. පසුව එහි විදුලි රැහැන් ඉවත්කර ගන්නා ලද නමුත් එම හිස් කණුව මෑතක්වන තුරු ඇල මැද තිබිණ. ඇලේ පවතින මේ තත්ත්වය මත ඊට විසදුමක් ඉල්ලා ලියැවුණි. වගකිවයුත්තන්ට දැනුම් දුනි. කිසිවක් සාර්ථක නොවූ තැන විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මහතා වෙත දැනුම්දුන් පසු ඔහු පිරිසක් යවා තිබින. ඔවුන් එම කණුව ගලවා දමනු වෙනුවට උඩ කොටස පමණක් කපා දමන ලදී.
එමගින් සිදුවූයේ කණුව මුලින් උදුරා දැමීම සදහා තිබුණ පහසමුව ද නැතිවී යාමයි. මේ අනුව මෙම ස්ථානයෙන් ජලය ගලා බසින්නේ දෙපැත්තෙන් අඩියක පමණ කුඩා ස්ථානයකිනි. මේ අනුව සිදුවන්නේ ගලායන මඩ ,කුණු ආදිය හිරවී එම කණුවට මෙහා පැත්තේ මදුරු කීටයන්ට නිත්‍ය වාස භූමියක් සකස් වීමයි.
ඒ අවට ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් පසුගිය කාලයේදී දක්නට ලැබිණ. ඇලේ බලපෑම දලුපත ප්‍රදේශය පුරාම පැතිරිණි.
ඇල අවට සිටින ජනයාගේ ක්‍රියා කලාපයද මේ පවතින තත්ත්වය කෙරෙහි බලපා ඇත. කොන්ක්‍රීට් ස්ලැබ් ආදිය මගින් ගලායන ජලයට හරස්කර සකසා ඇති බැවින් මෙම තත්ත්වයට එයද බලපා ඇත. ඉහත කී පරිදි වගකිවයුත්තන්ට මේ ගැන කී නමුත් ඔවුන් සියල්ල නෑසුණාසේ සිටියෙන් ඒ පිළිබදව විසදුමක් නොලැබිණ.
අනෙක් පැත්තෙන් ජනයාගේ අමනෝඥ ක්‍රියා කලාපයන් නිසා මෙම ප්‍රශ්නය ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද මේ අමාරුව ‘ යන්න සිහිපත් කරවයි.
මෙහිදී දේශපාලනඥයාට අවශය වන්නේ කතිරයක් පමණක් නිසා ඔහු ඇල ගැන හෝ මිනිසුන් ගැන හෝ පරිසරය ගැන සිතන්නේ නැත.
මෙය දෙපැත්තතෙන්ම අවධානයට ලක්විය යුත්තක් බැවින් තම වගකීම පැහැරහැරියහොත් සහ ඒ පිලිබද සවිඥානක නොවුණහොත් අනාගතයේදී ඉන් ඇතිවන ප්‍රතිපළය ඉතාමත් හානිකර විය හැක.