දළුපත පෙත්තන් ඇල නිසා සිදුවන ජන පීඩාවට වගකිවයුත්තේ කව්ද ?

0
113

IMG-20190912-WA0010IMG-20190912-WA0012මීගමුවේ කානු සහ ඇලවල් නිසා මෙම ප්‍රදේශවාසීන්ට සිදුවන පීඩාකාරී තත්වය ගැන අප නිතර සඳහන් කරමින් බලධාරීන්ගේ ඇස් ඇරවීමට උත්සාහ කළෙමු . නමුත් ප්‍රශ්ණය අැත්තේද ඔවුන් ලඟමය. විසඳුමද ඇත්තේ ඔවුන් ලඟමය .IMG-20190912-WA0018
මෙම ඇල සම්බන්ධව පෙත්සම් රාශියක් මේ වනවිට ලියැවී ඇත. මෙහි එක් ස්ථානයක් ගෙමිදුලක් සේ සකස්කර ඇති අතර නගරසභාවෙන් වරක් එම ස්ථානය කඩා ඇල පෑදීමට ගත් තීරණයක් අනුව අදාල උපකරණද රැගෙන පැමිණි නගරසභා සේවකයින් හරවා යවන ලද්දේ එවක නියෝජ්‍ය නගරාධිපති සේපාල මොරවකය. මෙවර මුලින් මෙය කඩා ඉවත් කිරීමට මහ ගෝෂාවක් කරමින් පැමිණි වත්මන් නගරාධිපති වරයාද පසුව එම අදහස වෙනස් කර ගනිමින් එය කඩා ඇල සුද්ධ කිරීමට මැලිවූයේ ඇයිද ? යන්න ප්‍රදේශවාසීන් ප්‍රශ්ණ කරති. මෙසේ තමන්ගේ වාසියට කටයුතු කරන බලධාරීන් නිසා පීඩාවට පත්වන්නේ අසරණ ජනතාවය.IMG-20190912-WA0021

IMG-20190912-WA0014සෙනෙවිරත්න මහතා මේගැන විශාල උනන්දුවකින් වගකිවයුතු අය හමුවී විසඳුමක් සඳහා වෙහෙසුණු පුදේශවාසියෙකි. නමුත් ඔහුට මේවනතෙක් කිසි වගකිවයුත්තෙකු නිසි අවධානය දී කටයුතු කර නැත . එබැවින් ඔහුට මේ ගැන ඇත්තේ විශාල කලකිරීමකි.
අපට කිවහැක්කේ මෙම සියළු බලධාරීන් ඉතිහාසය පුරා තම රාජකාරිය සිදුකර අැත්තේ තමන්ගේ බඩ වඩා ගැනීම සඳහා පමණක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here