දළුපත බස්නැවතුම්පළ නැවත සවිකරන්න – මගීන් ඉල්ලයි

0
243

කොළඹ – හලාවත මාර්ගයේ  සාන්ත අන්තෝනි දේවස්ථානය ආසන්නයේ තිබූ මගී බස්නැවතුම්පොළ දැනට වසර දෙකකට පමණ පෙර ගලවා ඇති නිසා  ඒ හෙතුවෙන් හලාවත -කොළඹ මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට දැඩි අපහසුතාවයක් අත්විදින්නට සිදුවී තිබේ.
මෙම බස්නැවතුම් පොළ ගලවා ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි කවුරුත් නොදන්නා වුවත්, එහි ඇති අවශ්‍යතාවය තවමත්  තිබෙන බවත් එම ප්‍රෙදේශයේ ජනතාව  පවසයි. මෙම මාර්ගය හරහා ගමන් ගන්නා මගීන්ව සමහර බස්රථ රියදුරන් විසින් දළුපත ඇති අනෙක් බස්නැවතුම්පොලේ  නවත්වන්නේ නැතිව ඩිපෝ හන්දිය දක්වා ගෙන ගොස් බස්සන බවට මගීන් කරන චෝදනාවයි.
මෙම ගැටළුව පිළිබදව වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුය.  10522631-3d-illustration-of-Bus-stop-on-the-white-background-Stock-Illustration
ජසින්තා නිර්මලී