දළුපත භූමිතෙල් පෝලිම තුළ සිට ලියමි.

0
303

IMG 20220330 WA0076IMG 20220330 WA0080

අද ( 30 ) මීගමුව , දළුපත ඉන්ධන පිරවුම් හල අසල දිගු පෝලිමකි. ඒ ජනතාව තම නිාවෙස්වල අවශ්‍යතාවය සඳහා භූමිතෙල් ලබාගැනීමේ බලාපොරොත්තුවෙනි. ක්‍රමානුකූලව පෝලිම දිගු වෙමින් ඩිපෝ හන්දියද පසුකර යනු පෙනින. ආාරංචියත් සමග තව තවත් පිරිස එක්රොක් විය. පෙරියමුල්ල ප්‍රදේශයේ විශාල ජන පිරිසක් දළුපත ඉන්ධන පිරවුම් හල අසලය. මේ පිරිස අතර වැඩි වශයෙන් කාන්තාවන්ය. අද ඔවුන්ට පෝලිම් තුළ තෙරපෙමින් විශාල කාලයක් භූමිතෙල් සඳහා පමණක් ගතකිරීමට සිදුවී ඇත . මීට අමතරව තවත් පෝලිම් ඇත.

රටේ පවතින තත්ත්වය හොඳින් අවබෝධ කරගැනීමට මෙම පෝලිමක් අසල සිටීම පමණක් ප්‍රමාණවත්ය. පාලකයෝ තම වගකීම නොසළකා හැර ඇත . ජන ජීවිතය අසීරුය . අපට අසන්නට අැත්තේ තව එකම එක ප්‍රශ්ණයකි. එනම්
තව කොපමණ කාලයක් ⁣ඉවසනවාද? යන්න පමණි .IMG 20220330 WA0078 IMG 20220330 WA0079 IMG 20220330 WA0077 IMG 20220330 WA0073 IMG 20220330 WA0075 IMG 20220330 WA0072
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here