දළුපත භූමිතෙල් පෝලිම තුළ බලා⁣පොරොත්තු බිඳවැටේ…..

0
309

අපි දළුපත ඉන්ධන පිරවුම් හලේ භූමිතෙල් පෝලිමේ සිට රු. 500/ ක භූමිතෙල් සඳහා( එක් අයෙකුට දෙන්නේ (රු. 500/ ) බලාපොරොත්තු ඇතිව භූමිතෙල් සපයන ස්ථානය වෙත ලඟාවෙමින් සිටියෙමු .

මා මෙම භූමිතෙල් පෝලිමට එකතුවූයේ ඊයේ සවස 5 .00ට පමණය. තෙල් දීම ආරම්භ කර ඇත්තේ 2.30 ට පමණ බව අයෙකු මා සමග පැවසීය .

ඉදිරියට ඇදෙන පෝලිමේ පිරිස ආණ්ඩුවට බැන අඬගසමින් තමන්ගේ ආවේගය පිටකරනු ⁣පෙනින. භූමිතෙල් සපයන යන්ත්‍රය තිබෙන ස්ථානයේ සේවය කරන පුද්ගලයා එක්වරම මේ අවස්ථාවේ අප ඇසීමට අකමැති වචන දෙක වන “තෙල් ඉවරයි ” යන්න කටින් පිටකරන ලදී .

එවිට වෙලාව සවස 6.40 ය. මා පැය එකහමාරක් පෝලිමේ සිට ඇත . සමහරු පැය තුන හතර පෝලිමේ කාලය ගතකර ඇත . කෙසේ නමුත් තෙල් අවසන් බවද ප්‍රකාශ වී ඇත .එය සත්‍යදැයි අප නොදනිමු. මේ සඳහා කළහැකි කිසිවක් නැත .

කිසිවෙකුට දොස් තැබිය නොහැක .මන්ද මෙය වැලැක්වීමට නොහැකි එකකි.
මෙම තත්ත්වය පෝලිමේ ඉතිරිව සිටි අයට සතුට දනවන එකක් නොවීය. ඔවුන් අනේ ,අපොයි . කියමින් , දෙස් දෙවොල් තියමින් විසිර යන ආකාරය පෙනින. මේ සියළු දෑ වචන වලින් විස්තර කිරීමට නොහැක. මන්ද මේවා මිනිස් හැඟීම් සමග බද්ධ වන බැවිනි .

එදා වේදිකා දෙදරවූ දේශපාලනයඥයින්ට මේවා ගැන වගේ වගක් නැත. පසුගිය ආණ්ඩුවට එරෙහිව තෙපලූ ඔවුන්ගේ විහිළු, තහළු වචන අසන්නට නැත. සමහරු ” දැන් සැපද? ” කියා එදා අපෙන් ඇසූහ. අප රැවටුනා පමණක් නොව ඔවුන්ගේ වචන ගැන විශ්වාසය පළ කළහ. ඔවුන් නම් සැප විඳින බව අප දනිමු .

නමුත් ජනතාව පෝලිමේ අද අසරණව බලාසිටිති.

සැම්සන් ඥානසිරි