(1.30pm )මීගමුව , දළුපත විද්‍යාලයේ අබලන්ව අවධානමට ලක්ව තිබූ තාප්පය ඊයේ රාත්‍රියේදී බිඳවැටී ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ දවල් වරුවක මෙය සිදුවූයේ නම් අනතුරක් වීමට ඉඩකඩක් තිබුනු බවයි . මෙම තාප්පය සහ එහි අවධානම් තත්වය ගැන අපගේ වෙබ් අඩවියේ ජූලි 13 දින ලිපියක් පළකරන ලදී . ඒ අනුව විදුහල්පති W .A .M . ප්‍රනාන්දු මහතා ප්‍රකාශකළේ තමන් මේ සඳහා කලාප අධ්‍යාපන කාර්‍යාලයට, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට , ඉංජිනේරු කාර්‍යාලයට ගොස් සාකච්ඡා කරමින් විශාල කැපකිරීමක් කළ බවයි . එහි ප්‍රතිඵලයක් ලෙස ගම්පෙරළිය වැඩසටහන තුළින් රු. ලක්ෂයක් අනුමත වී ඇත . නමුත් ඉංජිනේරු කර්‍යාලය මේ සඳහා ලක්ෂ 5ක් යන බවට ඇස්තමේන්තු කර ඇත . ප්‍රතිපාදන ප්‍රශ්ණය පෙරට පැමිණි හෙයින් මෙම කටයුත්ත කළ නොහැකි විය .
තාප්පය පෙරළුණු පසුව මෙහි ඇති උඩුපසේ පොල් ගසක් සහ තවත් විශාල ගස් දෙකක් මතුවී ඇත .මෙහි මුල් වලින් වැඩි කොටසක් මතුපිට පවතින හෙයින් මීලඟ අවධානම මෙම ගස් නිසා බව ප්‍රදේශවාසීන් පවසති .
දේශපාලකයින්ට ජනතාවගේ අවශ්‍යතාවන් නොවන දේවල් සඳහා ඕනෑතරම් මුදල් ඇත. මෙම තාප්පය වුවද හදා ඒ වෙනුවෙන් තමන්ගේ නම යොදා ,මහ උත්සවයක් පැවැත්වූවා නම් ඒ සඳහා ඕනෑම මුදල් ප්‍රමාණයක් වැය කිරීමට මොවුන් පසුබට නොවනු ඇත. කෙසේ නමුත් මෙම තාප්පය විසින් ප්‍රකාශ වන්නේ බලධාරීන්ගේ සහ දේශපාලකයින්ගේ නොහැකියාව බව ප්‍රදේශවාසීන් පවසති .