දළුපත විදුහලේ තාප්පය අසල අවදානම් ගස් තුනක්!

0
161

IMG-20190927-WA0029IMG-20190927-WA0026මීගමුව   ,  දළුපත  මහ  විද්‍යාලයේ   අවධානම්  ලෙස  පාරට  නැඹුරුව  ඇලවී  තිබුනු  තාප්පයක්  පසුගිය  සැප්තැම්බර්  11  වන දින  රාත්‍රි  බිඳවැටින.  අප  මෙහි  අවධානම  ගැන   පවසමින්  පසුගිය  ජූලි  13 වනදින  අපගේ  වෙබ් අඩවියේ  ලිපියක්  පළ කළෙමු.
මෙය  දිවාකාලයේදී   සිදුවී නම් විශාල  හානියක්  වීමට  ඉඩ තිබුනු බව  ප්‍රදේශවාසීන්  අප සමඟ  පැවසීය.  තාප්පය  බිමට වැටී  අදට  දින  17කි.
තවමත්  කිසිදු  පියවරක්  ගැනීමට  බලධාරීන්  සමත්වී  නැත. තවමත්  එහි  සුන්බුන්   එසේම  පවතී.   තාප්පය  බිඳවැටීමෙන්  පසුව  පාසැල් භුමියේ  අවධානම්  ගස් තුනක්  ඇති බවද දැන් පැහැදිලි පෙනේ. ඉන්  එකක්  විශාල  මාර  ගසකි.  අනෙක්  ගස්  දෙක  පොල්  ගසක්  සහ  කොට්ටම්බා  ගසක්වේ.  මෙම  ගස්  තාප්පය  නිසා  නොපෙනුනු  නමුත්  මේවනවිට  පවතින්නේ  පාරට  වඩා  ඉහලින්  පිහිටි  පස්  තට්ටුවකය.  ඒ අනුව  මෙහි  මුල්  පිහිටා  ඇත්තේ  උඩ  පසෙහිය.  ඒ නිසා  මෙකී  ගස්  අවධානම්  සහිත  බව  පෙනේ.පසුගිය දිනවල ඉතාමත් අනපේක්ෂිත අයුරින් ඇද හැලුන ධාරාණිපාත වැසි තත්වයක් මෙවැනි ගස් කොයිතරම් නම් අවදානම් දැයි අමුතුවෙන් කිව යුතු නොවේ.දළුපත  පාසැල  අසලින්  වැටී  ඇති මෙම  පාර  තිඹිරිගස් කටුව   පාර  නමින්  හැඳින්වේ.  එසේම  විශාල පිරිසක්  මේ  අසලින්  ගමන් කරයි.  තාප්පය  හදා  ගැනීමට  නොහැකිව  විදුහල්පති  තුමා  ලත වෙද්දී  තාප්පය  බිඳවැටින. ඒ ආකාරයෙන්ම  මෙම  ගස්වල  අවධානම  ගැන  නොසිතා  කල්මැරීමෙන්  යම්  අනතුරක්  විය  හැකිබව  ප්‍රදේශවාසීන්  පවසයි.  ඒ නිසා  අප  බලධාරීන්ට  මේ පිළිබඳවද  සිහිකැඳවීමක්  කරන්නෙමු.