ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂාවෙන්නේ නෑ-නාගරික මන්ත්‍රි සජිත් මෝගන්

0
53

මේ සභාවේ සිටින එකම ද්‍රවිඩ නාගරික මන්තී්‍රවරයා ලෙස  විපක්ෂයේ සජිත් මෝහන්  මන්තී්‍රවරයා පැවසුවේ මේ යෝජනාවේ පළමු ඡේදය එනම් තම්ල්නාඩුවේදී ලාංකීක භික්ෂුන් වහන්සේලාට පහරදීම තමන්ද තරයේ හෙලා දකින බවයි.
එම සිදුවීමෙන් පසු  තමන්ට හැකි මට්ටමට අඟුරුකාරමුල්ල විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ හමු වී තමාගේත් මීගමුවේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන්ද තමන්ගේ කනගාටුව ප්‍රකාශ කල බව ඔහු පැවසීය. එහෙත් ඔහු මෙම යෝජනාවේ දෙවන ඡේදයට විරුද්ධත්වය ප්‍රකාශ කලේය.
මීගමුවේ සිටින තමාට ලංකාවේ ජීවත් වන ද්‍රවිඩ ජනතාවාගේ අයිතිවාසිකම් ආරක්ෂාවනවා යැයි ප්‍රකාශ කිරීමට කොහොත්ම හැකියාවක් නැතැයි ඔහු අවධාරණය කලේය.
නිදසුනක් ලෙස තමාට මෙම සභාවේදීවත් තම මව් භාෂාවෙන් කථා කිරීමට මෙතෙක් නොහැකි වු බවත් ඒ සදහා පහසුකම් සලසා නොමැති බවත් එවන් තත්වයකදී ලංකාවේ වෙසෙන වෙනත් ප්‍රදේශවල ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් පිලිබදව පෙනී සිටීම කල නොහැකි බවද ඔහු අවධාරණය කලේය. එහිදී නගරාධිපතිවරයා සදහන් කලේ එලෙස මෙම සභාවේ දෙමළ භාෂාවෙන් කථා කරන්නේනම් මෙම සභාවේ ක්‍රම පද්ධතිය වෙනස් වීමකට ලක් කල යුතු බවයි.
එය සුවිශාල කාර්්‍ය භාරයක් බවද නගරාධිපතිවරයා පැවසීය. නැවතත් කථා කල සජිත් මෝහන් නගරික මන්තී්‍රවරයා සදහන් කලේ මෙවැනි තත්වයක් ඇති වීමට ප්‍රධාන හේතුව වුයේ ආන්ඩුව ඉන්දියාව හමුවේ තැබූ පොරොන්චදු තවමත් ඉටු නොවීම නිසා බවයි. 13 ව්‍යවස්ථා සංශෝධනය සහ 13 පලස්  වැනි සංශෝධන මගින් දෙමල ජනතාවට දේශපාලන විසඳුමත් ලබා දෙන බවට වු පොරොන්දුව ආන්ඩුව මෙතෙක් ඉටු නොකිරීම මෙම තත්වයට මුල් වු බව ඔහුගේ අදහසයි. එලෙසම මේ දිනවල මුස්ලිම් ජනතාව  සමගද යම් ආකාරයක ගැටුමකට මුල පුරා ඇති බවද ඔහු සදහන් කරයි. අද වන විට භික්ෂුන් වහන්සේලා විසින් ව්‍යාපාරික ස්ථානයන්ට පහරදීම එලෙසම ඉන්දියාවේ අයි.පී.එල්. ක්‍රිකට් තරග වලට සහභාගී වු ශ්‍රී ලාංකීක ක්‍රිඩකයන් යලි මෙරටට පැමිණෙන විට කුනු බිත්තර වලින් පහර දෙන බවට සමහර මාධ්‍ය ඔස්සේ භික්ෂුන් වහන්සේලා කරන ප්‍රකාශයන් ද මෙම තත්වයට නිදසුන් ලෙස ඔහු ගෙනහැර දැක්වීය.
ඔහු අවසානයේ ප්‍රකාශ කලේ බොදු බල සේනා වැනි සංවිධාන වල පැමිණිම නිසා ඉක්මනින්ම ලංකාවේ බින් ලාඩන් කෙනෙක් නැවත මතු වේ යැයි තමාට හැෙගන බවයි. ඒනිසා මෙම යෝජනාවේ පලමු ඡේදය තමන් අනුමත කරන අතර දෙවන ඡේදයට තමාට එකගවීමට නොහැකි අතර ඒ සදහා තම දැඩි විරුද්ත්වය ප්‍රකාශ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.