දායන් ලංසාට නාගරික කොමසාරිස් සුභපැතුවාද ?

0
97

දායන් 100මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිධුරයට පත්වු දායන් ලංසාට මීගමුවේ විවිධ කොටස් සුබ පතා ඇති අයුරු දැක්වෙන දැවැන්ත ඩිජිටල් බැනර් නගර සභා භුමිය තුලත් මුළු නගරය පුරාවටත් දක්නට ඇත.
දේශපාලකයන් විසින් මෙවැනි බැනර් බොහෝ විට තමන්ගේම වියදමින් සකසා තැන තැන දමා ගැනිමේ පුරුද්දක්ව පවති.
මේ අතර වු එක් විශේෂ කට්අවුට් එකක් විය.
එනම් නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාට නාගරික කොමසාරිස් සහ කාර්ය මණ්ඩලය සුභපතා ඇතිබව දැක්වෙන එකකි.
මෙවැනි බැනර් මිට කලින් අප දැක නැත.අඩුම තරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු පත්වු නගරාධිපතිවරයාටවත් මෙවැනි බැනරයක් නාගරික කොමසාරිස් සහ කාර්ය මණ්ඩලය විසින් දමා තිබුනේද නැත,
තතු එසේව තිබියදි මේ බැනරය ඇත්තටම දැම්මේ නගාරික කොමසාරිස්වරයා දැනුවත්වද ?
අප දන්නා තරමින් දැන් මීගමුවට නගාරික කොමසාරිස්වරයෙක්ද නැත.නියෝජ්‍ය නගරාධිපතිධුරයේ දායන් ලංසා මහතා දිව්රුම් දිමේ උත්සවයට නගර සභා සේවයකයන්ව යවන්නේදැයි අප විසින් නාගරික කොමසාරිස්වරයාගෙන් දුරකථනයෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු අපට කියා සිටියේ එවැනි උත්සවයක් ඇති බව පවා තමන් දැනගත්තේ මිපුර වෙබ් අඩවියෙන් බවය.ඒ වන විට ඔහු සිටියේ නිවාඩු පිටය.
ඒ හිටපු කොමසාරිස්වරයාට මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂය විසින් තමන්ට ඕනා දේවල් කරන්නට ඉඩනොදුන් බව කියමින් තර්ජනය කර පලවා හැර තිබිම නිසාය.
එබැවින් ඔහුගේ ධුර කාලය නොවැ මස අවසන් විමට නියමිතය.
කොමසාරිස්ධුරය සදහා ඔහුව යළිත් එපා යැයි මීගමුවේ දේශපාලන අධිකාරිය ඔහුට දන්වා ඇති බවද වාර්ථා වේ.
මේ පසුබිම තුල නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාට ඇත්තටම සුභ පැතුවේ කොයි නාගරික කොමසාරිස් ද?