දායසිරි හමුවිමට ගිය නාගරික මන්ත්‍රිලා සංවර්ධන කමිටු රැස්විමටත් ඇවිත් ??

0
87

මේ වන විට කොරෝනා වෛරසය පාර්ලිමේන්තුව කරාද පැතිර ගොසිනි. ලංකාවෙන් වාර්තා වු පලමු ප්‍රධාන පෙලේ දේශපාලකයා වුයේ බතික් රාජ්‍ය ආමාත්‍ය දයාසිරි ජයසේකරය.

ඔහුගේ ආශ්‍රිතයන් රැසක් මේ වන විට ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇත.
මේ අතර ශ්‍රිලනිපයේ ලේකම්වරයාද වන දයාසිරි ජයසේකර හමුවිමට ගිය මිගමුවේ ආණ්ඩුපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් ( ජනවාරි 11) ඊයේ පැවැති මීගමුව සංවර්ධන කමිටු රැස්විමටද සහභාගිව ඇතැයි වාර්තා වේ.
මේ පිරිස ඇමතිවරයාව හමුවිමට ගොස් තිබුනේ පසුගිය 04 වෙනිදා බව වාර්තා වන අතර ඇමතිවරයා ආසාදිතයෙකු බව මාධ්‍ය විසින් වාර්තා කොට තිබුනේ ජනවාරි 08 වෙනිදා පෙරවරුවේය.