පසුගිය දිනක මීගමුව රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු වල යෙදී සිටි කම්කරුවෙකු ට සර්පයෙකු දෂඨ කර ඇතිබව වාර්තා වේ. මෙසේ සර්පයෙකු දෂ්ඨ කර ඇත්තේ මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පිරිසිදු කිරීම් වල නිරතවෙමින් සිටියදී බවත් වාර්ා වන අතර මේ වන විට ඔහු මීගමුව රෝහලේ ප්රතිකාර ලබමින් සිටී. සර්පයෙකු දෂ්ඨ කර ඇති සේවකයාගේ ඇගේ තිබී ඇත්තේ නයි විස බවද ඔහු විල්ෂයන් ආයතනය විසින් යොදා ඇති කම්කරුවෙකු බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.