දැන් ඉතින් ‘චොගම්’ ඉවරය – මානව හිමිකම් ක්‍රියාධරයන් පසුපස – සී අයි ඩී සෙවනැලි

0
63

පසුගිය 15  වනදා  යාපනයේ සිදුකළ  විරෝධතාවයකින් පසු ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මන්නාරමේ කැදවුම්කරු වන  ඇන්ටනී බැසිල් සුසෙයි (සුනේෂ් ) මහතාට නාදුනන පුද්ගලයන්ගෙන් ජීවිත තර්ජනයක්  එල්ල විය. මේ සම්බන්ධයෙන් නොවැම්බර් 23 වනදා සුනේෂ් ඇතුළු සංවිධාන කීපයක්ද මන්නාරමේ  පොලිස් අධිකාරී කාර්යාලටත්, දිසාපතිතුමියටත් පෙත්සමක් බාර දෙන ලදී.  මෙම අවස්ථාවට මන්නාරම් රදගුරු ගරු රායප්පු ජෝශප්  හිමිපාණන්  ඇතුළු මන්නාරම් පදවියේ පියතුමන්ලාද උතුරු පළාත් සභාවේ ධිවර ඇමතිවරයා සහ  සෞඛ්‍ය ඇමතිවරයා ද සමගි බලවේගයේ බ්‍රිටෝ ප්‍රනාන්දු සහ  මන්නාරම් පුරවැසි කමිටුවේ ක්‍රියාකාරීන් ද  සහභාගී වූහ.
ඔහුගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජනය මේ වනතෙක්  පහනොවී  ඇති බවට තොරතුරු වාර්තා වන අතර  අදාළ වගකිව යුතු ආයතන විසින් තවමත් මේ සම්බන්ධයෙන් පියවරක් ගෙන ඇති බවක් ද නොපෙනේ.    සුනේෂ් මහතාගේ   බිරිද මේ වන විට මන්නාරමේ සිය නිවසේ පදිංචිව සිටින අතර ඇය යන එන ගමන් බිමන් සෙවීමට ඇය පිටුපස නාදුනන ඔත්තුකරුවන් පැමිණෙන බව මේ වන විට වාර්තා වේ. මෙයින් වැටහෙන්නේ
‘චොගම්‘ අහවර වූ පසු  නැවතත් ශ්‍රී ලංකාව යනු පරණ ලංකාවමය.  අලුගෝසුවන් තවමත්  කබා ගැලවීමට  අකමැති බවය.
images