දැන් ජන්දේ ඉවරයි – එන්න ඩෙංගු වැඩීවී දැයි බලන්න

0
227

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් අලවා ඇති පෝස්ටරයක දැක්වෙන්නේ එම ප්‍රෙද්ශයේ දැඩි ඩෙංගු වසංගතයක් ඇති බවයි. ඒ සඳහා වහා ක්‍රියාකාරී වී ඩෙංගු මදුරුවන් මර්ධනය කරන්නැයි එම පෝස්ටරයේ සඳහන් කර තිබේ. ජන්ද වැඩ වලින් පසු සෞඛය නිලධාරීන් කඩිමුඩියේ මේ දැන්වීම අලවා තිබූණි.
පසුගිය කාලයේ  මීගමුව  ප්‍රෙද්ශයේ  සිදුවිය යුතු තෙල් ඉසීමේ හෝ පාරවල් වල වීදි ලාම්පු නඩත්තුවක්  කර ගැනීමට නාගරික මන්ත්‍රීවරයේ තියා මීගමුව නගර සභාවේ සුලු සේවකයෙක්
සොයා ගැනීමට හැකියාවක් තිබුණේ නැත. නගර සභාවේ සෞඛ්‍ය කමිටුවද ,  මහජන සෞඛ්‍ය නිළධාරීන්ද සිටියේ පළාත් සභා ජන්ද ප්‍රචාරක වැඩවලය.
අවසානයේ මීගමුව නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් මැතිවරණ කටයුතු වලින් ඉවත්කර රාජකාරියේ පිහිටවන ලෙස  මැතිවරණ කොමසාරිස්වරයාට ලියුමකින් නියෝගයක් එවන්නට පවා  සිදුවිය. එතෙක් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාටත් තමන්ගේ යටතේ  සිටින සේවකයින් මහජන සෞඛ්‍ය සේවයේ පිහිටුවා ගන්නට තරම් හැකියාවක් තිබුණේ නැත. පසුවි හෝ ඩෙංගු ගැන මතක්වීම  හොදය. නමුත් පසුගිය කාලයේ මීගමුවේ ජනතාව බලාසිටියේ මුදලක් දී හෝ තෙල් ඉසින්නට කවුරු හරි එනවානම් කියායි. ඒවාට ප්‍රතිපාදන නෑ කියා ද කිව හැකිය.එසේ නම් අපට අසන්නට ඇත්තේ පසුගිය කාලයේ  ජන්දය  වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක සැණකෙලි වෙනුවෙන් වියදම් කළ මහා ධනස්කන්දය මහජන සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කළා නම් අද  ජනතාවට එයින් යහපතක් හෝ සිදුවී ඇති බවය.   නමුත් මීගමුව වැනි අධික ඩෙංගු වර්ධනයක් තිබෙන නගරයකට  එම්. ඕ.එච්  කාර්යාලයේ හා මහ නගර සභාවේ කැපවීම පිළිබඳව සතුටු විය නොහැකිය.denguඡායා – සුජුයිල් මුනිර්