දැයට කිරුලට මුවාවී වෙන්නප්පුවේ කුඹුරු ගොඩකිරීමේ තැතක්

0
76

වෙන්නප්පුවේ ගංගොඩ නම් ප්‍ර‍ෙද්ශයේ  වැව ආශ්‍රිතව පවතින කුඹුරු ගොඩකර ඉඩම් නොමැති ජනතාවට බෙදාදීම සදහා සූදානම්වීමේ සාකච්ඡාවක් පසුගියදා වෙන්නප්පුවේදී පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවට ජේ්‍යෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු, වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාපති සුසුන්ත පෙරේරා මෙන්ම ගොවිජන සේවා නිලධාරී රංජිත් ප්‍රනාන්දු ඇතුළු ගොවි සමිතියේ නිලධාරීන් ද සහභාගී වී තිබේ.
මෙම කුඹුරු ගොඩකිරිමේ අවශ්‍යතාවය පාලකයින්ගේ පැත්තෙන් මතුකර ඇති අතර වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ කුණු  දමා එවා ගොඩකිරීමේ සැලැස්මක්ද එහිදී කියවී ඇත. එමෙන්ම මේ කුඹුරු ගොඩකිරීමට  දැයට කිරුල හරහා වෙන්නප්පුවේ සංවර්ධනයට ලැබී ඇති ලක්ෂ 300ක මුදලින් ද ප්‍රතිපාදන යොදාගත හැකි බවද සදහන්ව ඇත.
මෙම අවස්ථාවේදී ගොවි සංවිධානයේ ලේකම් ඇතුළු පිරිස මෙම කුඹුරු ගොඩකිරීමේ වැඩපිළිවෙලට විරෝධය ප්‍රකාශ කරමින් ඒ සඳහා වෙනත් විකල්ප භාවිතා කරන ලෙස යෝජනා කර ඇති අතර එහිදි වෙන්නප්පුව ගොවිජන සේවා නිලධාරී රංජිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම කුඹුරු වලට ගොවි නාමලේඛනයක් නොමැති බවයි. එම අවස්ථාවට සූදානම්ව ගොස් ඇති ගොවි සංවිධාන නිලධාරීන් ගොවි නාමලේඛනයක් තිබෙන බවත් එය ඔප්පු කිරීමට හැකි බවත් ප්‍රකාශ කර ඇත. පසුව රංජිත් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ අප ලගත් ගොවි නාම ලේඛනයක් තිබෙන බවයි.  නමුත් ඔහු විසින් මෙම නාමලේඛනය තිබෙන බව කලින් සදහන් නොකළේ මෙම යෝජනාව සම්මත වීමට ඉඩහරිමිනි.
මෙම දැයට කිරුල හරහා මෙම මුදල් ප්‍රතිපාදන වෙන්කරවාගැනීම සදහා යෝජනා කර ඇත්තේ මෙම කුඹුරු වගාකිරීමට අවශ්‍ය අඩුපාඩු වන වේලි සකස් කිරීම සහ   වැව ප්‍රතිසංස්කරණය කිරීමේ යෝජනා වේ. නමුත් මේ වන විට යම් පිරිසක් එම ව්‍යාපෘතිය හරහා වෙනත් අරමුණක් ක්‍රියාවට නැංවීමට උත්සාහ දරන බව පෙනේ.
වෙන්නප්පුව ග්‍රාමයේ ඇති තවත් කුඹුරු ඉඩම් පුරවා වෙනත්  ගොඩනැගිලි තැනීම පසුගිය කාලයේ සිට සිදුවූ අතර ඒ සදහා අනුබලයක් ගොවිජන සේවා නිලධාරීන්ගෙන් ද සිදුවිය. තම කුඹුරු වෙනත් අය විසින් ව්‍යාපරික කටයුතු සදහා භාවිතා කරන බව ගොවිජන සේවා ආයතනයට පැමිණිලි කළ විට ගොවිජන සේවා නිලධාරීන් ඔවුන්ට පවසා තිබුණේ එම කුඹරු වල ඔප්පු රැගෙන එන ලෙසයි. එවැනි ප්‍රකාශ හමුවේ අසරණ වූ කුඹුරු හිමියන් කරකියාගත නොහැකි තත්ත්වයකට පත්වූහ.
කෙසේ හෝ තාවකාලිකව මෙම කුඹුරු වලට කුණු පුරවා ගොඩකිරීමේ යෝජනා ව හකුලාගෙන ඇති අතර නැවත මේ පිළිබදව සාකච්ඡා කිරීමට මාර්තු 17 වනදා යොදාගෙන තිබේ. එදින මෙම කුඹුරු වල ගොවිතැන් කටයුතු කිරීමට කැමැති පුද්ගලයන්ට ගොවි නාමලේඛනය සදහා සූදානම් වී එන ලෙස නිලධාරීන් දැනුම් දී තිබේ. මෙම නාමලේඛනයේ සදහන්ව ඇති පැරණි අයිතිකරුවන් වෙනුවට ඔවුන්ගේ දරුවන්ට ඒ සදහා ඉදිරිපත්විය හැකි බවට යෝජනා වි ඇත. 51980851