දැවිතෙල්වලින් කඩල බැදපු V.R කඩල කඩේට වැඩවරදින ලකුණු ?

0
291

bombay-mixමීගමුව කෙලින් විදියේ පිහිටි  කඩල කඩයක ඇතිව තිබුණ ගින්නක් හේතුවෙන් කාලයක් තිස්සේ එහි සිදුකරගෙන යමින් තිබුණ සෞඛ්‍යයට අහිතකර ජවාරමක් හෙළිව තිබුණි.
එනම් එකි ව්‍යාපාරිකයා විසින් සිය කඩල බැදිම සිදුකර තිබුනේ වාහන දැවිතෙල් ඉන්ධනයක් ලෙසින් භාවිතාකරමිනි.
තොගයට මෙන්ම සිල්ලරටද කඩල අලෙවි කිරිමේ යෙදුන මේ ව්‍යාපාරිකයාගේ කඩය පිහිටා තිබුනේ කෙලින් විදියේ අලියා මරික්කාරි ආයුර්වේද බේහෙත් බඩු කඩයකට ඉදිරියෙනි.
එහි නම V.R ය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මහජන සෞඛ්‍ය නිළධාරි මහතෙකු කියා සිටියේ සෞඛ්‍යයට අහිතකර ආකාරයෙන් දැවි තෙල් භාවිතාකිරිම වහාම නතර කරන ලෙස උපදෙස් ලභා දි ඇති බවය.එමෙන්ම එම ස්ථානයට නැවත නිසි පරිදි සකස් කිරිම සදහා අදාල ව්‍යාපාරිකයා කල් ඉල්ලා ඇති බවද කියා සිටියේය.
කෙසේ වෙතත් මේ පිළිබදව අදාල බලධාරින් නිතියේ ඇති උපරිම දඩුවම් මෙසේ සෞඛ්‍යයට අහිතකර අයුරින් ලාභය පමණක් සිතා කටයුතු කරන ව්‍යාපාරිකයන්ට ලාබදිමට පියවර ගනු ඇතැයි මීගමුවේ ජනයා බලා සිටිති.