දිනකට ආසාදිතයන් 900 ඉක්මවන අවදානම් තත්වයක් ….?

0
103

පාලකයන් රට සාමාන්‍ය තත්වයක යැයි කටයුතු කරන්නට උත්සාහ කළද මහජන සෞඛ්‍ය පරික්ෂකයන්ගේ සංගමය ඉතාමත් නිවරදිව කියු පරිදි රට මුහුණ දි ඇත්තේ දැවැන්ත අර්බුදයකටය.
දැන් දිනට 900 කට වඩා ආසාදිත රෝගින් වාර්තා වෙමින් තිබේ.
මේ යථාර්ථය නිවරදිව කියවා නොගන්නා පාලකයන් මතුව ඇති අර්බුදය තවත් තිව්ර කරන යෝජනා ගෙනේ.පසුව යළි ඒවා හකුලා ගනි.
පෙබරවාරි 15 වෙනිදා පාසැල් විවෘත කිරිමට ගත් යෝජනාව මිට කදිම නිදසුනකි.
දැන් මාර්තු 15 දක්වා කල් දමා තිබේ.

සමස්ත ආසාදිතයින් 900 ඉක්මවූ දෙවන දිනය වූ ඊයේ ආසාදිතයින් 963ක් වාර්තා වූ අතර ඉන් කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 298ක් වාර්තා වි තිබුණි.  255ක් ගම්පහින් වු අතර කළුතරින් 81කි.මහනුවර 71,ක් හා කුරුණෑගල 72ක් ලෙස ආසාදිතයින් වාර්තා විය

වැඩි ආසාදිතයින් හමුවූ ප්‍රදේශ වන්නේ කොළ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය ,බොරැල්ල,ගොතටුව,අවිස්සාවේල්ල ,වැල්ලම්පිටිය හා හෝමාගම අයත් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල ප්‍රදේශයේ ආසාදිතයින් 76ක් වාර්තා වූ අතර මීගමුව,ගම්පහ ප්‍රදේශ වලින් ද වැඩි ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත.

පසුගියදා මිගමුවේදි සිදුකරන ලද පිසිආර් පරික්ෂණ 100 කින් ආසාදිතයන් 36 හදුනාගෙන තිබුන අතර මේ පිරිස ධිවර ප්‍රජාව වැඩිවශයෙන් ජිවත්වන මුන්නක්කරය සහ පිටිපන යන ප්‍රදේශවලින් වාර්තා විය

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා කියා ඇත්තේ මෙලෙස ආසාදිතයින් ඉහළ යෑම පසුගිය දිනවල PCR වාර්තා ලැබීමට අදාලව රසායනාගාරවල පැවැති ප්‍රමාදයකින් පසු එම වාර්තා ලැබීම යලි ආරම්භ වූ නිසා බවය

ගොඩගැසී තිබූ වාර්තා මෙලෙසකඩිනමින් නිකුත් කිරීම නිසා මෙලෙස වැඩි ආසාදිතයින් සංඛ්‍යාව ක් දින කිහිපයක් වාර්තා විය හැකි නමුත් PCR සහ ආසාදිතයින් වාර්තා වීමේ අනුපාතය ඉහල යාමක් දක්නට නැතැයි ද ඔහු පැවසු බව මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි.