මිගමුවේ ගිනිනිවන සේවාව යනු එහි පිහිටිම අනුව ඉතා වැදගත් එකකි.තතු එසේව තිබියදි එකි ගිනිනිවන සේවාව සතු වැඩිම ජලධාරිතාවක් සහිත ජල බහුසරය නිමල් ලංසා විසින් කටානේ සිය දේශපාලන ආධාරකරුවෙකු වන නාගරික මන්ත්රිගේ ඉල්ලිම වෙනුවෙන් කටානට දිනපතා ජලය යැවිමට යොදාගෙන ඇති බව වාර්ථාවේ.ආදාල නාගරික මන්ත්රීවරයා මේ ජලය බෙදාදිමෙන් කිසියම් මුදලක්ද උපයා ගන්නා බව සැලය.මේ නිසා කිසියම් අවස්තාවක විශාල ගින්නක් ඇතිවුවහොත් මේ ජල බවුසරය යොදාගැනිමට ඇති ඉඩකඩද අහිමිව යාමෙන් බරපතල තත්වයක්ද මතුවිය හැකිය.ගිනි නිවන ඒකකයේ රථ ලංසා පවුල විසින් හිතුමතේ සිය දේශපාලන වැඩවලට පසුගිය කාලය පුරාම යොදවාගෙන තිබුණි.වරක් මිගමුවේ පැවැති පාපැදි තරගයට වතුරු විදින්නටද මේ ගිනි නිවන රථ යොදාගෙන තිබේ.
නිමල් ලංසා විසින් සිය මුහුණු පොතේ රාජ්ය දේපල අවභාවිතාව ගැන බණ දේශනා කළද සැබැවින්ම ඔහු විසින් රාජ්ය දේපල අවභාවිතා කරන අන්දම ගැන ලියන්නට වෙනමම වෙබ් අඩවියක් වුව විවෘත කළහැක.ඒතරම් රාජ්ය දේපල අවභාවිතාවක් ඔහු විසින් සිදුකරමින් තිබේ.