දිනෙන් දින ජනතාවට පිටුපාන මීගමු රෝහලේ බෙහෙත් කවුන්ටරය

0
100

 

2961989036_a8e3a699c5_zරජයේ  රෝහලේ වලින් බෙහෙත් ගැනීමට පැමිණෙන රෝගීන්ට නොමිළේ  බෙහෙත් ලබාගැනීමට ඇති බෙහෙත් කවුන්ටරයෙන්  බෙහෙත් ගැනීමට විශේෂ පුද්ගලයන්ට යම් පහසුවක් හා වරප්‍රසාද ලබාදී ඇත.  ඔවුන්ගෙන් ප්‍රධාන තැනක් හිමිවන්නේ වයස්ගත වැඩිහිටියන් ටය.  එමෙන්ම ආබාධිත අය සහ රෝහල් සේවක සේවිකාවන් ද වේ. මීගමුව මූලික රෝහලේ ද බෙහෙත් ලබාදීමට කවුන්ටර හතරක් වෙන්කර තිබුණද මේ වන විට ක්‍රියාත්මක වන්නේ ඒවායින් 2ක් පමණි. මේම කවුන්ටර ක්‍රියාත්මක නොවන්නේ  එහි සේවය කිරීමට ෙඖෂධවේදීන් නොමැති නිසා බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මීගමුව රෝහලේ තිබෙන බෙහෙත් ලබාදෙන කවුන්ටර් වලින් වයස්ගත වූ වැඩිහිටියන් වෙත කිසිදු විශේෂයක් නොකරන අතර, ඔවුන්ට ද අන් අය මෙන් දිගු වේලාවක් පෝලිමේ  සිටීමට සිදුවී ඇත. එමෙන්ම රෝහල් සේවකයන් වෙත බෙහෙත් ලබාදීමේදී ද පෙරදී ඔවුන්ට ලැබුණු එම වරප්‍රසාදය අහිමි වී තිබේ.  එම කවුන්ටරයත් මේ වන විට ක්‍රියාත්මක නොවේ.   මේ අනුව පෙනී යන්නේ ජනතාගේ බදුවලින් නඩත්තු වන රජයේ රෝහල් වලින් ජනතාවට ලැබෙමින් තිබූ  සෙත එන්න එන්ඩම නැතිවෙමින් යන බවය. මෙම සේවා අවශ්‍යතා සපුරාලීමට සුදුසුකම් ඇති නිලධාරීන් යොදවා එම පුරප්පාඩු පිරවීම රජයේ වගකීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here