දිනෙන් දින වර්ධනය වන ඩෙංගු වසංගතය දරුවන් තිදෙනෙකු බිලිගනී !

0
154

dengu 1

මීගමුව රෝහලේ ඊයේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලැබූ ⁣ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 177 ක්වූ අතර අද (20 ) එම සංඛ්‍යාව 161 ක් දක්වා අඩුවූ නමුත් නැවත අළුතින් රෝගීන් 38 දෙනෙක් එකතුවී ඇත . මේ අනුව දෛනිකව අළුත් වෙමින් ,මීගමුව රෝහලේ වාට්ටු පිරී යන නමුත් දුම් ගැසීම හැර වෙනත් ස්ථිර විසඳුමක් බලධාරීන්ට නැති බව පැහැදිළිය . රෝහලේ කාර්‍යමණ්ඩලය පමණක් නොව වෛද්‍යවරුන්ටද ඩෙංගු වැලඳින.

මාස 4 ක දරුවෙකුටද රෝගය වැලඳී ඩෙංගු එ්කකයට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත . ඒ වැල්ලවීදිය ප්‍රදේශයේ දරුවෙකි.
මීට පෙර සමුර්ධිගම අක්කර 50 ප්‍රදේශයේ වයස අවුරුදු 11 ක පමණ දරුවකු මියගිය අතර දළුපත ප්‍රදේශයේ  නිවුන් දරුවන් දෙදෙනකුට ඩෙංගු වැලඳී එක් දරුවෙකු මිය ගියේය.
තත්වය මෙසේ වුවද මෙකී තත්වය ඇතිවීමට හේතු කාරක සොයා ඒවාට පිළියම් යෙදීමට බලධාරීන් අසමත් වීම තුළ සිදු වන්⁣නේ තව තවත් මීගමු නගරයේ සෞඛ්‍ය දිනෙන් දින පිරිහීමට පත් වීමයි ..
තතු එසේව තිබියදි මිගමුවේ ප්‍රධාන පුරවැසියාගේ නිවසට සහ අවටට සතියකට කිපවතාවක්ම දුමායන කටයුතු සිදුකෙරේ . එමෙන්ම නගරාධිපතිගේ සහෝදරයා වන නිමල් ලංසාගේ නිවසට සහ අවටටද එසේව ධුමායන කටයුතු සතියකට කිපවතාවක්ම සිදු කෙරේ.
මෙවන් යථාර්ථයක් තුල දළුපත දරුවෙකු මිය යනවා පමණක් නොව ලංසා පවුලේ වාස භුමිය වන වැල්ලවීදිය ප්‍රදේශයේද දැන් කුඩා දරුවන් පවා මියයන්නට පටන් ගෙනය.
ඩෙංගු මැඩලිම සදහා බදවා ගත්තා යැයි කියන ව්‍යාපෘති කම්රුවන් බහුතරයක් පසුගිය කාලය තුල වෙහෙස ගත්තේ පොහොට්ටුවේද දේශපාලන කටයුතු වලටය.
මෙහිදී ප්‍රධාන පුරවැසියා වන නගරාධිපතිවරයාගේ වගකීම නිසියාකාරව ඉටු කළේද? මහජන සෞඛ්‍යය පරික්ෂක වරු ඇතුළු වගකිවයුත්තන්ගේ කාර්‍ය ඉටුකළේද? යන්න මේ නගරයේ ඩෙංගු වැලඳී පීඩාවට පත්වූ සෑම ප්‍රදේශයකම ජනතාවගෙන් මතුවන ප්‍රශ්ණයි.