පසුගිය පාස්කු දින අන්තවාදී ත්‍රස්ථයින් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව දේවස්ථාන හා සංචාරක හෝටල් තුල සිදූ කල ප්‍රහාරයෙන් මියගිය හා විපතට පත් වූවන් සැමරුමක් ඉතාලියේ මෙස්සීනා නගරයේ ශාන්ත එලියා දේවස්ථානයේ පැව්ත්විනි. මේ සඳහා එම නගරයේ කතෝලික සභාවේ රදගුරු තුමා ප්‍රධාන ආරාධිතයා විය. ශාන්ත එළියා දෙවස්ථානය මෙස්සිනා හී වෙසෙන ශ්‍රී ලාංකීකයන්ට වෙන් වූ දෙවස්ථානයකි. ඉරුදින ආගමීක කටයුතු හා ආගමීක වැඩසටහන් වෙනුවෙන් ලාංකීකයින් හට මෙස්සීනා පදවිය විසින් භාර දී ඇති දේවස්ථානයකි. අප්‍රියල් මස 28 දින සවස 9 පැවතී මෙම දේව මෙහෙයට බොහෝමයක් ශ්‍රී ලාංකීකයන් හා ඉතාලි මෙන්ම විවිධ වූ භක්තිකයින් මේ සදහා සහභාගී වී සිටියහ.මේ සදහ විශේශිත වූ ආරක්ශිත වැඩපිලිවෙලක් සංවිධානය කර තිබූ බව දක්නට ලැබිනි. දින තුනක් තිස්සේ දෙවස්ථාන අවට පරිසරය හා දෙවස්ථානය ඇතුලතද පොලිස් සුනකයින් යොදාගෙනද මෙම ආරක්ෂිත වැඩපිලිවෙල සංවිධානය කර තිබූ බව දැනගන්නට ලැබිනි. එම දෙව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ මෙන්ම දේවස්ථානය අවට මාර්ග වසා තිබූ අතර දෙවස්ථානය ඇතුලත හා පිටත සිවිල් ඇදුමෙන් සැරසූ පොලිස් නිළධාරින් සිටිනු දක්නට ලැබිනි. මෙම ප්‍රහාරය භාරගත් අයි එස් අයි එස් ත්‍රස්ථයින් නැවත් නැවතත් ක්‍රිස්තියානින් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කරන බව පසුගිය දිනවල මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබෙන තත්වයක් තුල මෙවන් ආරක්ෂාවක් ලබාදීම ඉතා අගනේය.





