පසුගිය රජය යටතේ එවකට සිටි පාලන අධිකාරිය වසර 5ක් නියමිත දිනයේ (සෑම මසකම 25 හෝ 25 දිනට පෙර අවසාන වැඩ කරන දිනයේ) ගුවන්විදුලි සේවකයින්ට ලබාදුන් මාසික වේතනය නව රජය යටතේ පත්වූ පාලන අධිකාරිය විසින් ලබාදීමට නොහැකි තත්වයකට පත්වී තිබේ.
ඔවුන්ගේ නොහැකියාව පෙන්වා දෙමින් රජයද අපහසුතාවට හා අපකීර්තියට පත්කරමින් අද 25 දිනට නියමිත මාසික වේතනය ලබා නොදෙමින් තම කාමර අසලට දැඩි ආරක්ෂාව යොදා ගනිමින් මගහැර සිටියේය.