දින 52 කුමන්ත්‍රණයෙන් ඇරඹුණු මීගමු කලපු දුපතේ කඩොලාන විනාශයේ සුලමුල ?

0
158
කඩොලාන කපා දමා හදන්න ගිය පිට්ටනිය
කඩොලාන කපා දමා හදන්න ගිය පිට්ටනිය
කඩොලාන කපා දමා හදන්න ගිය පිට්ටනිය

මීගමුවේ කලපුවේ පිහිටි දුපත් අත්පත් කරගැනිමේ සිට කඩොලාන විනාශ කිරිම පසුගිය කාලය තුල බර තල ප්‍රශ්ණයක් තිබේ. මේ දිනවල රටේම කථාබහට ලක්වු කඩොලාන කපා ක්‍රිඩාපිටියක් ඇති කිරිමේ කටයුත්තට දේශපාලන අධිකාරියේ සම්බන්ධයක් නැතැයි ධිවර හා ජලජ සම්පත් ආමාත්‍ය සනත් නිශාන්ත කියා සිටියද සැබැවින්ම රටම දැන් කථා කරන මේ කුප්‍රකට සෙල්ලම් පිට්ටනිය වෙනුවෙන් කඩොලාන කැපිම ඇරඹෙන්නේ සිරිසේන රාජපක්ෂ දින 52 කුමන්ත්‍රණ කාලය තුලදිය.
කොතලාවල පාලම බැස මදක් ඉදිරියට යන විට දකුණ අතට කලපුවේ පිහිටා ඇති දුපතේ මැදකොටස මෙසේ කඩොලාන කපා විනාශ කොට තිබේ.
යහපාලනය තුල කඩොලාන කපා සෙල්ලම් පිට්ටනි හදන්න බිය වු පිරිස් සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණය තුල මේ වැඩේට අත ගසන්නේම එවැනි විනශායන්ට රාජපක්ෂලාගේ රැකවරණය ලැබෙන බව කඩොලාන කපපු අය මෙන්ම  බයනැතුව එසේ කරන්න යැයි උපදෙස් දි ඇතැයි විශ්වාස කරන දේශපාලන අධිකාරියද දැනසිටි නිසා  වන්නට පුලුවන.
මේ අනුව මිපුර අපි කවදත් මිගමුවේ පරිසර ප්‍රශ්ණය මෙන්ම විශේෂයෙන්ම කඩොලාන ප්‍රශ්ණය ගැන මැදිහත්වුෙයමු.
නිමල් ලංසා නගරාධිපතිව සිටියදි කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කළද කිසිදු දඩුවමක් ලැබුනේ නැත.
ඒ අනුව රාජපක්ෂලාගේ කුමන්ත්‍රණය හයියක් කරගත් මීගමුවේ දේශපාලන අධිකාරිය මේ වැඩේට බැස්සේ 2018 නොවැම්බර් මාසයේදිය.
මේ ගැන පළමුව හෙළිදරව් කළේද ජායාරුප ප්‍රසිද්ධියට පත්කරන ලද්දේ මිපුර විසින්මය.
මැතිවරණ සමයේ මනාප පොරය සදහා මුන්නකරයේ ජනයාට මේ පිට්ටනිය හදා දෙන බවට කිසියම් දේශපාලකයෙක් අනිවාර්යෙන්ම පොරොන්දු වුනාද විය යුතුය. ඒ සදහා ධිවර හා ජලජ සම්පත් ඇමතිවද මිගමුවට ගෙන්වා තිබුණි.
ධිවර ඇමැතිවරයා ප්‍රතිපත්ති ගරුක ඒ නිළධාරිණියගෙන් ඉල්ලා සිටින්නේ අපි මේ ප්‍රශ්ණය ෆ්‍රෙන්ඩ්ලි විසදාගමු යැයි කියන්නේද මිගමුවේ දේශපාලන අධිකාරියේ කාගේ හෝ උවමනාවටය.
රාජපක්ෂලාගේ දේශපාලන යනු පරිසරය විනාශ කිරිමේ එකක්ම බව කියන්නට මිගමුව අරභයා තවත් කරුණු ආවැසි නොවේ.
මේ අනුව මහමැතිවරණයේදි එවන් දේශපාලකයන් පාර්ලිමේන්තු යවන්නට ජනතාව කටයුතු කරන්නේ නම් සැබැවින්ම ඔක්ෂිජන් නැතිව ජිවත්විමට මංකුලියේ සුරංගගෙන් දැන් සිටම අසා දැනගත යුතුය.