දියහොඳ ඇල ගොඩකර ගොඩනැඟිල්ලක් හදන තැනැත්තාට රැකවරණ දෙන දේශපාලකයා කව්ද ?

0
72
දියහොද ඇල ගොඩකර ඉදිකරමින් ඇති ගොඩනැගිල්ල
දියහොද ඇල ගොඩකර ඉදිකරමින් ඇති ගොඩනැගිල්ල

දියහොඳ ඇල ගොඩකරමින් මේ දිනවල තනමින් ඇති ගොඩනැගිල්ලක් ගැන දැනටමත් අප විසින් හෙළිදරව් කර ඇත්තේමු.
ඒ පුවත මුල්කොට ගෙන ප්‍රදේශය භාරව කටයුතු කරන ග්‍රාම නිළධාරිවරිය ආදල පුද්ගලයා හමුවි සිදුකරමින් ඇති නීති විරෝධි වැඩය නවතා දැමිය යුතු බව කියා ඇත.
එයට පිළිතුරු දි ඇති පුද්ගලයා පවසා ඇත්තේ නගර සභාවෙන් සහ වාරිමාර්ගයෙන් ඔහුට මේ සදහා අවසර දි ඇති බවය.
ග්‍රාම නිළධාරිවරිය ඒ අවසරය සහිත ලිපිය පෙන්වන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදි එකි සියලු අවසරයන් ලබාදි ඇත්තේ ලිඛිතව නොව කටවචනයෙන් බව පවසා ඇත.
අදාල තැන්වල ලොක්කන්ගේ මෙන්ම සොක්කන්ගේද කොමිස් ගැහිල්ල ඇත්තේ මෙතනය.
නිති විරෝධි ඉදිකිරිම් කරගෙන යමින් ඇති අදාල අයට මෙසේ ඒවා කරගෙන යන්නට ඉඩ දි ලක්ෂ ගණනක් වැය කොට හැදු පසු නැවත වටයකින් ආදල නිළධාරින් එතනට යවා මෙය කඩා දැමිය යුතු බවත් එසේ නොකොට බේරගන්නේ නම් විවිධ තැන්වලට මුදල් වැයකර යුතුව ඇතැයි කියමින් ගණුදෙනුව කථාකරගනු ඇත.
මෙය පැහැදිලිව ලක්ෂ 10 ඉක්මවු කොමිස් ගණුදෙනුය.
කටුනායක සිදුවේදි මෙන්ම මීගමුවේද සැබැවින්ම සිදුවනුවේ මෙයයි.
ඒ අනුව දියහොඳ ඇල බවනැතිව ගොඩ කර ග්‍රාමනිළධාරිවරියගේ නියෝගයටද පිටුපා කටයුතු කරගෙන යමින් ඇත්තේ කාගේ හෝ රැකවරණයක් මත විය යුතුය.ඒසේ නම් ඒ කවුද ?දිය හොද ඇල 2