දියාගෝ ගාෂියා දූපතේ සිටින ශ්‍රී ලාංකිකයින් 05ක් සියදිවි නසාගැනීමට හදලා

0
446

පවතින ආර්ථික අවපාතය හමුවේ ශ්‍රී ලංකාව අතහැර බහුදින යාත්‍රා මගින් පළාගිය ශ්‍රී ලාංකිකයින් සැලකියයුතු ප්‍රමාණයක් මේ වනවිට  ඉන්දියන් සාගරයේ ඩියාගෝ ග්‍රාෂියා දූපතේ රඳවා සිටීයි.  මෙසේ රඳවා සිටින පුද්ගලයින්ගෙන් 05 දෙනෙකු  වරින් වර සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති අතර ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා  රැවන්ඩාවට යවා ප්‍රතිකාර ලබාදෙමින් තිබෙන බව වාර්තා වේ.
බෝට්ටු වලින්  යුරෝපය බලා පිටත් වූ මේ බොහෝ දෙනෙකුට සිය අරමුණු ඉටුකරගැනමට නොහැකිව මාස ගණනක් මෙසේ  රැදී සිටීමට සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් පසුවන්නේ  සතුටින් නොවන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මේ වනවිට ගුවන් මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමින තිබීමද බේදවාචකයකි.  මෙලෙස රදවා සිටින පුද්ගලයින්ට මූලික අවශ්‍යතා වන ආහාර , ඉදුම් හිටුම් ලබාදුන්නද සිය අරමුණ ඉටුනොවී මේ ආකාරයට දීර්ඝ කාලයක් සිය මව්රටින් වෙන්ව එවැනි දූපතක ගතකරන්නට සිදුවීම හේතුවෙන් මෙම සරණගාතයන් මානසීක පීඩාවන්ට ගොදුරුවීමේ අවස්ථාවන්ට මුහුණ දෙමින් සිටින අතර ඔවුන් ගේ ඉල්ලීම වී ඇත්තේ මෙරට ජීවත්වීමට නොහැකි විවිධ හේතු නිසා තමන් රටහැර පැමිණ ඇති බැවින් යුරෝපා රටකට යාමට තමන්ට ඉඩදෙන ලෙසයි.

ඩියාගෝ ග්‍රාසියා යනු බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශයට අයත් දූපතක් වන අතර එය එක්සත් රාජධානියේ න්‍යතික පාලනයට යටත් භූමි ප්‍රදේශයකි. දාහකට ආසන්න පුද්ගලයින් පිරිසක් එහි ජීවත්වන අතර  මේ වනවිට එහි ඇමරිකානු සොල්දාදුවන් මෙම දුපතේ ආක්ෂක  මෙහෙයුම් සිදුකරනු ලබයි.