දියුණු ධීවර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගයයි

0
204

“දියුණු ධීවර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය” යැයි ජල ජීවී විද්‍යාඥ හා කෘෂි විද්‍යාඥ ප්‍රේමසිරි ජාසිංහාරච්චි මහතා සඳහන්ක රයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගිය 17 වනදා තංගල්ල, කුඩාවැල්ලේදී ‘රළ පරදා රට දිනවන’ යනුවෙන් පැවති සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ධීවර සමුළුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජල ජීවී විද්‍යාඥ හා කෘෂි විද්‍යාඥ ප්‍රේමසිරි ජාසිංහාරච්චි මහතා…

“අපේ රට වටේම මුහුද තිබුණත්, මත්ස්‍ය සම්පත තිබුණත් අපේ රටේ ජනතාවට දිනකට අවශ්‍ය අවම ප්‍රෝටීන් ප්‍රමාණයවත් ලැබෙන්නේ නැහැ. අපේ වාර්ෂික ඒක පුද්ගල මාළු පරිභෝජනය කිලෝ 20ක් 30ක් අතර සුළු ප්‍රමාණයකි. නමුත් අනිකුත් දකුණු ආසියාතික රටවල එම ප්‍රමාණය ඊට වඩා ලොකු අගයක් ගන්නවා. රට වටේම තිබෙන මහ මුහුදට අමතරව රට අභ්‍යන්තරයේ දහස් ගණනක් වැව් තිබෙණ රටක තමයි අපට මෙම ඉරණම අත්වෙලා තිබෙන්නේ.

ධීවර ඔබේ ජීවිත වැඩිපුර ගෙවෙන්නේ මුහුදේ. අවුරුද්දේ වැඩිම දවසක් මුහුද සමග පොරබදන ඔබේ ජීවිතවලට අද මොකද වෙලා තිබෙන්නේ. ඔබේ බිරිඳගේ, දරුවන්ගේ ජීවිතවලට මොකද වෙලා තිබෙන්නේ.

අපි ජාතික ජන බලවේගයේ විද්වතුන් සමග රට පුරා ධීවර ගම්මානවලට ගියා. එහිදී අපි ඔබේ ගැටලු හොඳින්ම හඳුන ගත්තා. ඒ සියලු අත්දැකීම කැටිකරගෙන විද්වත් මණ්ඩලයකුත් සහභාගි කරගෙන අපි අපේ රටට ගැලපෙන ජාතික ධීවර ප්‍රතිපත්තියක් සකස් කර තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න දේශපාලන බලයක් ඕන. අපි පිළිගන්නවා, මෙවැනි තාක්ෂණයෙන් දියුණු යුගයකට ගැලපෙන දියුණු ධීවර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය කියලා. එකම නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා කියලා. ඔහු ඇතුළු ජාතික ජන බලවේගයේ අපි සියලු දෙනා ඔබ වෙනුවෙන්, රට වෙනුවෙන් ස්වේච්චාවෙන් වැඩකරන මිනිස්සු. එහෙම දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ තවත් ඇත්තේ නැහැ.”
lankatruth.com