දිරිමත් ප්‍රසන්න

0
89

viber image 2019-03-10 , 16.11.49
වෛයිවර්ණ පාටින් සැරසු සුරතල් මසුන්  බහාලු පොලිතීන් බෑග්  පුරෝගත් රථයක නැගුණ ආබාධිත තරුණයෙකු  කොච්චකඩේ නගරයේදී  හමුවිය.
ඔහුට අත වනා ඔහු පැද යමින් සිටි රෝද තුනේ බයිසිකලය නවතා ඔහු පිළබඳව යමක් විමසීමට  සිත්වූයේ  මහමඟ දී හමුවන මෙතරම් ධෙර්‍යවන්ත තරුණයකු මඟහැරීමට වඩා ඔහුගෙන් යමක් ඉගෙන ගැනීම වඩා යෝග්‍ය යැයි සිතමිනි.
ඔහුගේ නම ප්‍රසන්න කුමාරයි.
මෙම සිදුවීමට  ඔහු මුහුණ පා ඇත්තේ වයස අවුරුදු  16දී  2006ර/05/16  දී්‍ය.
පුසන්න ජීවත්වී ඇත්තේ පොලොන්නරුවේ වන අතර වයස  කුරුම්බා කැඩීමට පොල් ගසකට නැග්ග අවස්ථාවේදී ගසෙන් ඔහු බිමට වැටී ඇත.
ඉන්පසු ඔහුගේ පාද දෙකම පණ නැතිවී ඇති අතර ඔහු අඩු වයසින්ම ආබාධිත තත්වයට ඇද වැටී කෙසේ හෝ ජීවත්වීමේ අරමුණ පෙරදැරිව මේ ආකාරයේ උත්සාහයක් සමඟින් නැඟී සිටියි.  p6
මේ වන විට  ඔහු ජීවත්වන්නේ  වයික්කාල ප්‍රදේශයේ බව ඔහු පවසයි. මේ ආකාරයට සුරතල් මසුන් නිෂ්පාදනය කරන ව්‍යාපරිකයෙකුගෙන් මිළදී  ඒවා මිළදී ගෙන මීගමුව හා කටාන යන ප්‍රදේශ ගොස් අළෙවි කරයි. එක මාලු පැකට් එකකින් ඔහුට රු 30ක ලාභයක් ලැබෙන අතර වයික්කාලේ සිට මීගමුවට පැමිණීමට ප්‍රසන්නට පැය තුනක පමණ කාලයක් ගත වෙන බව ඔහු පවසයි. මහා මාර්ගයේ එන අතරමඟ ඉතා පරෙස්සමෙන් රෝද පුටුව පැද එ්මට සිදුවී ඇති බව පවසන ප්‍රසන්න තවදුරටත් කියා සිටියේ මාර්ගයේ යන බස් රථ වලින් විවිධ බධා හිරිහැර සිදුවන බැවින් ඉතා පරෙස්සමෙන් සහ සෙමෙන් ගමන් කරන්නට සිදුවී ඇති බවයි. ප්‍රසන්න අපට උගන්වන්නේ ඇද වැටීම් මතින් නැඟී සිටින ආත්මීය ගතිස්වභාවයකි.
ප්‍රසන්න ගේ මේ ධෛර්‍යවන්ත ජීවිතයට  ගැන අප ආඩම්බර විය යුතු වගේම තවත් පසෙකින් දුක්විය යුතුය. මක්නිසාද මෙවැනි මිනිසුන් ඔසවා තබනු වෙනුවට සමාජයේ බහුතරයක් සිය ජීවිත  ගතකරන්නේ අධිපරිභෝජනවාදී  ජීවන සංස්කෘතියක්  තුළය.
ඔහුට උපකාරයක් කළ හැකි අය බොහේ ඇති බව අප විශ්වාස කරමු.
හැකිනම් ඔහු අමතන්න – 0702838698

p4 p5  viber image 2019-03-10 , 16.11.25