දිවි බේරාදුන්නාට තුති !

0
30
මොහොමඩ් සෆාරුල්ලා
ජීවිත ආරක්ෂයෙකු වන චමින්ද මහතා

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික පවුලක් තමන්ගේ යහළුවෙක් ද සමඟින් මීගමුව ජෙට්වින් සී හෝටලයේ නවාතැන් ගෙන තිබුණේ විවේකයක් ගතකිරීම සඳහායි. මේ කාලය තුළදී එනම් පසුගිය ඔක්තොම්බර් 05 වනදා  එම හෝටලයට පිටුපස වෙරළේ දිය නාමින් සිටිය දී හදිසියේම මොවුන් සමඟ සිටි මිතුරා  මුහුදේ ගිලෙන්නට පටන් ගෙන ඇත. ඔහුට ස්වඋත්සාහයෙන් ගොඩඒමට නොහැකි වී ඇති අතර ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිව ඇත්තේ  ජීවිත ආරක්ෂකයෙකු  (life Guard ) මුහුදට පැන ඔහුගේ උදව් කිරීම හේතුවෙනි. තම  ජීවිතය බේරාදුන් වාත්තියෙන් ජීවිතාරක්ෂයෙකු වන  චමින්ද  මහතාට කෘතවේදීත්වය පළකරමින් ඔහු කළ ක්‍රියාව අගය කරමින් මීපුර වෙබ් අඩවිය හරහා ද ඔහුට සිය ස්තූතිය පළකරන ලෙස මෙම සාමාජිකයන් මිපුර වෙබ් අඩවියෙන් විශේෂ ඉල්ලීමක් කරන ලදී.

Save

Save

Save