දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා !

0
56

 

1595855439-Corona_Positive_Lදිවුලපිටියේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කර ඇති නිවේදනය සඳහන්ය.
එම කාන්තාව මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇත.

මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර  ඇති අතර එහිදී රෝගය සුවවී නිවසට යවන අවස්ථාවේදී සිදුකළ PCR පරික්ෂනයකින් ඇයට කොවිඩ් 19 ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත.

ඒ අනුව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු පමණ සහ එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 40 දෙනෙකු පමණ මේ වන විට නිවාස නිරෝධායනයට ලක් කර ඇත. තවදුරටත් ආශ්‍රීතයින් සිටින අතර එම කාන්තාවට කොවිඩ් 19 ආසාදනයවූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් පවතී.

මෙම ආශ්‍රිතයින් සම්බන්ධයෙන් ලැබෙන PCR පරීක්ෂණ ප්‍රථිපල මත තවදුරටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටි

මේ හේතුවෙන් මහජනතාවට නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සැලකිල්ලෙන් පසුවන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තවදුරටක් අවධාරණය කර තිබේ
පසුගිය කාලය තුල නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටතදි කොරෝනා රෝගියෙකු හමුවු පළමු අවස්ථාවද මෙය වේ