දිවුලපිටිය – මැල්ලවගෙදර කොරෝනා රෝගීන් 48ක්

0
106

දිවුලපිටිය මැල්ලවගෙදර ප්‍රදේශයේන් කොරෝනා රෝගීන් 48 දෙනෙකු වාර්තා වී තිබේ.
මෙලෙස කොරෝනා රෝගීන් සොයාගෙන ඇත්තේ දිවුලපිටිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල බළ ප්‍රදේශයේ මැල්ලවගෙදර පොල්වත්ත ග්‍රාමසේවා වසමෙන් 4 හතර දෙනෙකු හා මැල්ලවගෙදර පොල්හේන ග්‍රාමසේවා වසමෙන් 44 හතලිස් හතර දෙනෙක බව වල්පිට මහජන සෞඛ්‍යපරික නිළධාරිවරයා පවසයි.
පන්නල ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන කාන්තාවක් සමග අවුරුදු සමයේ පවුලේ ඥාතීන් පිරිසක් සමග විනෝද චාරිකාවක ගොස් නැවත නිවසට පැමිනීමත් සමග එම කාන්තාවට තදබල අසනීප තත්වයක් හට ගැනීමත් සමග කාන්තාව පී සි ආර් පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී ඇය කොරෝනා ආසාදිතයෙක් බවට හදුනාගෙන ඇත පසුව ඇය අවුරුදු සමයේ අවුරුදු සාද පැවැත් වු හා විනෝද චාරිකාව ගිය ඇයගේ අග්‍රිතයින් සොයා පී සී ආර් පරික්ෂාවට ලක් කිරිමෙදී එහිදී කොරොනා ආසාදිතයින් 48 දෙනෙකු සොයාගෙන ඇති බව මහජන සෞඛ්‍ය අංශයෙන් වාර්තා වේ.