අදවනවිට අප අතර පවතින මේ සමාජය විවිධ පැතිවලින් දරුවන් නොමග යැවීම සඳහා සකස්වූ සමාජයකි. ඒ සඳහා ඉඩකඩ සකස්කරන්නේද වැඩිහිටියන්ය. තරුණ විය එළඹෙන්නටත් පෙර වැඩිහිටියෙකු ලෙස හැසිරෙන අතර අවිචාරවත් ලෙස සියළු දෑ ග්‍රහණය කරගනියි. එවැනි තරුණ පිරිස් විසින් නැවත සමාජය තුළ වපුරන්නේද යහපත් දේ නොවන බව අපි දනිමු . තාක්ෂණය කුඩා අවධියේදීම ඔවුන් අතට පත්වන අතර එය වැඩියෙන් භාවිතා වන්නේ සමාජ යහපත සඳහා නොව.
දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙකී යථාර්ථය නිර්මාණය කිරීමට වැඩිහිටියන් වැඩි දායකත්වයක් සපයන බව පවතින අත්දැකීම් වලින් වටහාගත හැක . ටියුෂන් පංතියේ ඉගෙන ගන්නා දරුවා ගැන සමහර දෙමව්පියන් සොයා බලන්නේ කෙසේද? යන ප්‍රශ්ණය අපට මගතොටේ යන එන විට නිතර මතුවන්නකි. තරුණ පිරිස් කල්ලි ගැසී කරන කතාබහ සහ ඔවුන්ගේ ඇවතුම් පැවතුම් ගැන දෙමව්පියන් දන්නේ කුමක්ද ? යනාදී ප්‍රශ්ණ පවතින සමාජය තුළින් මතුකර දක්වයි . දරුවන් එවැනි තැනකට යොමුවීම වැළැක්වීම වැඩිහිටියන් සතු වගකීමකි. එවැනි අරුතකින් බලනවිට උඩුගම්පොළ ප්‍රාථමික විදුහල අනෙකුත් පාසැල් වලටද ආදර්ශයක් බව කිවයුතුය .