දුන්ගාල්පිටියේ බොස්කෝ ආයතනය පටන් ගන්න ගිය ජාත්‍යන්තර පාසල කාදිනල්තුමා නතර කලේ ඇයි?

0
303

Don bosco Dungalpitiyaතලාහේන,දුන්ගාල්පිටිය බොස්කෝ ආයතනය මෙම ප්‍රදේශයේ දරු දැරියන්ගේ අධ්‍යාපනය සහ අධ්‍යාත්මික සංවර්ධන වෙනුවෙන් වැඩසටහන් ගනනාවක් ක්‍රියාත්මක කරන සැල්වටෝරියන් නිකායට අයත් ඍජුවම රෝමයේ සිට පාලනය වන කතෝලික ආයතනයකි.
2018 සිට වෙනත් ජාත්‍යන්තර පාසැල් වලට සාපේක්ෂව කිසියම් සහනදායි අයකිරීමක් මත ජාත්‍යන්තර පාසැලක් පවත්වාගෙන යාමට බොස්කෝ ආයතන සියලුම කටයුතු යොදා තිබු අතර ඒ වන විටත් සිසුන් 60 දෙනෙක් පාසැලට ඇතුල්වීමට ලියාපදිංචිවී තිබුනි.
හදිසියේම පාසැල ආරම්භ කිරීම නතර කරන ලෙස කාදිනල්වරයා දැනුම්දීම නිසා බොස්කෝ ආයතනයේ පියවරු මහත්වු අර්බුදයකට පත්විය. කාදිනල්වරයා තර්කය වුයේ මේ නිසා ගමේ පාසල්වලට දරුවන් ඇතුලු නොවන බැවින් එම පාසැල් වසා දැමීමට එය හේතුවක් වන බවය. එහෙත් දුන්ගාල්පිටිය සහ කැපුන්ගොඩ පාසැල් දෙකටම මේ වසරේ පලමු ශ්‍රේණිය සදහා ඇතුල්වී ඇත්තේ දරුවන් හත්දෙනෙකුට අඩු ප්‍රමාණයකි. එහිදී කාදිනල්වරයා තර්කය පුස්සක්වී ඇත.
කාදිනල්වරයා මේසේ බොස්කෝ ජාත්‍යන්තර පාසැල නතර කරන්නැයි බලපෑම් කර ඇත්තේ මේ නිසා ප්‍රදේශයේ ඇති තමාගේ පාලනය යටතේ ඇති කතෝලික පෞද්ගලික පාසැල් වලට ඇතුලු වන ලමුන් අඩුවීමෙන් කාදිනල්වරයාට වසරකට ලක්ෂ ගනනක මුදලක් අහිමි වෙන නිසා බව ජනතාව පවසති.
දැති මෝරා